'පොහොට්ටුව' ලකුණ වෙනස් කරන්න නීතීමය බාධාවක් (VIDEO)

'පොහොට්ටුව' ලකුණ වෙනස් කිරීමට නීතිමය බාධාවක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිගෙන ඇතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (6) පැවසුවා.
"මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ඇප බැඳ ඇති නිසා එය වෙනස් කරන්නට ගියහොත් යළිත් උසාවි යාමට සිදුවනු ඇතැයි"ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්‍ෂකයා වෙත හිමිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීමේ අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්‍ෂනායකවරයා මේ බව කියා සිටියා.
699 Views
Comments