ජනාධිපති අපේක්ෂකයින් 41යි - මැතිවරණ කොමිෂන් සභාවෙන් කැදවීමක්

ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 41 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබාදුන් කාලය අද මධ්‍යාහන 12.00 න් අවසන් වුණා. ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුණේ ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදායි.
මේ අතර, මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සියලූ ජනපති අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාව අද (06) කැඳවීමක් සිදුකර තිබෙනවා. ඒ නාමයෝජනා භාරගැනීමේ ක‍්‍රමවේදය සහ එහි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.
ඒ අනුව අද පස්වරු 02.30 ට එම සියලූ අපේක්ෂකයින් කොමිසම හමුවට කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා හෙට (07) පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාර ගැනෙනවා.
743 Views
Comments