ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - නැවත සමීක්ෂණය අයදුම්පත් බාර ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - නැවත සමීක්ෂණය අයදුම්පත් බාර ගැනේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි -  නැවත සමීක්ෂණය අයදුම්පත් බාර ගැනේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 2019 විභාග ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

2019 අගෝස්තු මස 04 වැනිදා අදාල විභාගය පැවැති අතර ඊට අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව 339410ක්. පෙනීසිටි ශිෂ්‍ය සංඛ්‍යාව 332179ක්.

 

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ www.doenets.lk සහ www.results.exams.gov.lk නිල වෙබ් අඩවි හරහා ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

 

මේ අතර පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරිම සඳහා මේ මස 21  වැනිදා දක්වා අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසලේ විදුහල්පතිවරයා මගින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව කියයි.

 

ඒ පිළිබඳ වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ 011-2784208, 0112- 2784537, 011- 3188350 යන අංක ඔස්සේ ලබාගත හැකිය.

 

views

1114 Views

Comments

arrow-up