ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

 

‘ සුමිතුරු දැයකින් දිනවමු දරුවන් ‘ යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත්තේ.

 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්  කර තිබෙනවා.

 

ඔහු සඳහන් කළේ ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය සහ ප්‍රෞඪත්වය රදා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බවයි.

 

එමෙන්ම , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජීවිත ගමනේ ඇරඹුම සනිටුහන් වන ළමා විය සේම, සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් දායකත්වය ලබාදී විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටි විය ද එකසේ අවධානයට ලක්විය යුතු ජීවන අවධීන් දෙකක් බවයි.

 

එසේම වියපත් වැඩිහිටි සමාජය වෙනුවෙන් ආදරය ආරක්ෂාව ඇගයීම ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් දැනුම සහ කුසලතා තවදුරටත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක කරගැනීම ද ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

 

මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

views

939 Views

Comments

arrow-up