ජලය බැස යාමට නිල්වලා ගඟේ මෝය කට පුළුල් කිරීම තවදුරටත්

නිල්වලා ගඟේ මෝය කට පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා. මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක සදහන් කළේ ඉහළ ගිය නිල්වලා ගඟේ ජලය බැසයාම වේගවත් කිරීම සදහා බැකෝ යන්ත්‍ර 4 ක් යොදා ගනිමින් මෙම කටයුතු ආරම්භ කර ඇති බවයි.
පානදුගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මේ වනවිට පහළ යමින් ඇති බවද ඔහු සදහන් කළා. නිල්වලා ගඟේ ජල මට්ටම අකුරැස්ස ප්‍රදේශයෙන් පහළ යාමක් පෙන්නුම කළද නිල්වලා ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2,516 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් මේ වනවිට ආරක්‍ෂිත ස්ථානවල රදවා සිටින බවද මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක සදහන් කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට රාත්‍රිය තෙක් තවදුරටත් පවතිනු ඇති බවයි.
753 Views
Comments