උතුරු - නැගෙනහිර නීතිඥයින් වර්ජනයේ - අධිකරණ නියෝග කඩ කළ අය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උද්ඝෝෂණ

යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, වාලච්චේන, මන්නාරම සහ අම්පාර යන ප්‍රදේශවල නීතීඥයින් සේවා කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට නිරතව සිටිනවා.
අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අධිකරණ නියෝගයට පරිබාහිරව සිදුකළ බවට චෝදනා කරමින් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ තිබෙනවා.
මේඅතර අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස හා මුලතිව් දෙමළ ජනතාවගේ උරුම රැක දෙන ලෙසට ඉල්ලීම් කරමින් සිවිල් සංවිධාන රැසක් විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
අද(24) මුලතිව් නගරයේදී මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර විරෝධතාවය සඳහා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාද සහභාගී වී සිටියා.
මුලතිව් පැරණි රෝහල ඉදිරිපසින් ආරම්භ කළ විරෝධතාවය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ අතර, එහිදි දිස්ත්‍රික් ලේකම්වරිය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබුවා.
605 Views
Comments