"ඇපල් මැක්බුක් ප්‍රෝ"වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් තහනමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

"ඇපල් මැක්බුක් ප්‍රෝ"වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් තහනමක්

"ඇපල් මැක්බුක් ප්‍රෝ"වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් තහනමක්

ඇපල් සමාගම විසින් නිෂ්පාදිත අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැගෙන යාම සීමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඇපල් සමාගම විසින් අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග නිපදවා ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. බලපෑමට ලක්වූ ඒකක මූලික වශයෙන් විකුණනු ලැබුවේ 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළ යි.

 

 

ඒවායේ බැටරිය අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති විය හැකි බව ඇපල් සමාගම නිවේදනය කර තිබෙනවා. අඟල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය ගුවන් යානා තුළ රැුගෙන යාම සීමා කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි. 

 

තවද තමන් සතු අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ආරක්ෂිත බවට ඇපල් සමාගමෙන් තහවුරුවක් ලබා ගන්නා ලෙස ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එවැනි තහවුරුවක් ලබාගෙන නොමැති අගල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග සිය යානා තුළ රැගෙන යාමට අවසර නොදෙන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් පැවසුවේ.

 

 

වැඩි විස්තර සඳහා මගීන්ට +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පැය 24 අැමතුම් සේවා මධ්‍යස්ථානය අමතන ලෙස දන්වා තිබෙනවා.

 

එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් මෙම ආකෘතිය තහනම් කර ඇති අතර විශේෂයෙන් 2015 සැප්තැම්බර් සහ 2017 පෙබරවාරි අතර විකුණන ලද ඒවා ජුනි මාසයේදී ඇපල් සමාගම විසින් නැවත කැඳවීමක් නිකුත් කිරීමෙන් පසුවයි ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

 

views

1903 Views

Comments

arrow-up