කංජිපානිගේ පියා සහ සහෝදරයා ඇතුළු 6ක් අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කන්ජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරකු සහ මිතුරන් සිව්දෙනෙකු වන බව පොලිසිය පවසනවා.
අද සිරකරු දිනය නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබූ අතර ඒ ඔවුන් ආහාර බඳුනක්ද රැගෙන පැමිණ තිබෙනවා.
එය ලබාදීමට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදි එම ප්ලාස්ටික් බඳුන පතුලේ සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් සහ චාජර සොයාගත් බවයි වාර්තා වන්නේ.
අධිකරණමය කටයුතු සඳහා සැකකරුවන් රත්ගම පොලිසියට බාරදී තිබෙනවා.
633 Views
Comments