අමෙරි හිම තට්ටුවෙන් දැවැන්ත අයිස් කුට්ටියක් කැඩී යයි

ඇන්ටාක්ටිකාවේ නැගෙනහිර අමේරි හිම තට්ටුවෙන් දැවැන්ත හිම කුට්ටියක් කැඩී වෙන්වී ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.
ටැබුලා හෙවත් D - 28 ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය හිම තට්ටුවෙන් වෙන්වී ඇත්තේ පසුගිය 26 වැනිදා යි.
ඕස්ට්‍රේලියානු ඇන්ටාක්ටික් කාර්යාංශය පවසන්නේ වෙන්වුණු අයිස් කුට්ටිය වර්ග සැතපුම් 1636ක් පමණ විශාලත්වයෙන් යුතු වන බවයි.
අමේරි හිම තට්ටුවෙන් මෙවන් විශාල අයිස් කුට්ටියක් බිදී ගියේ වසර 55කට පසුව බවද ඔවුහු පවසනවා.
වසර විස්සක පමණ සිට ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටි බවද වර්ෂ 2000දී පමණ පැල්මක් ඇතිවූ බවද ඔවුහු සඳහන් කරනවා.
D28 අයිස් කුට්ටිය සංචලනය භයානක වන බැවින් එය නිරීක්ෂණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බවයි විද්‍යාඥයන් සදහන් කරන්නේ. අයිස් කුට්ටිය බටහිර දිශාවට සමුද්‍ර තරංග ඔස්සේ ගමන් කරමින් තිබෙන අතර එය දියව යන්නේ නම් වසර මිලියන ගණනක් ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
694 Views
Comments