ගෝඨාට ජම්පරේ අන්දන්න ආ හේෂාව අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

රත්නපුර දිස්ත්‍රික් ඒක්සත් ජාතික පක්ෂ පා.ම. හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රුපියල් කෝටි දෙකක් වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් පා.ම. හේෂා විතානගේට චෝදනා ඒල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.ඒල්. විදානගමගේ හමුවේ අද කැදවනු ලැබුවා.
ව්‍යාපාරිකයෙකු වන ජේ. ඒ. අනුර මහේන්ද්‍ර විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් පා.ම. හේෂා විතානගේ යන අය සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට මෙලෙස නඩු පවරා තිබෙනවා.
648 Views
Comments