සුදු වෑන් රථ දෙකකින් පැමිණ පුද්ගලයෙකු පැහැර ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

සුදු වෑන් රථ දෙකකින් පැමිණ පුද්ගලයෙකු පැහැර ගනී

සුදු වෑන් රථ දෙකකින් පැමිණ පුද්ගලයෙකු පැහැර ගනී


ඌරුබොක්ක, බෙරලපනාතර ප‍්‍රදේශයේ පුද්ගලයෙකු අද (19) උදෑසන පැහැර ගෙන ගොස් තිබෙනවා.

 

මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකුයි මෙලෙස සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  පැහැරගෙන ගොස් ඇත්තේ.

 

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙක්.

 

එම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා  නැවත පැමිණෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව තිබෙනවා.

 

එම වෑන් රථ දෙකෙහි  ඉදිරිපස අංක තහඩු නොමැති බවත්,  එයින් එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසට සහ  අනෙක් රථය කොටපොල දෙස සිට ඌරු බොක්ක දෙසට ධාවනය වූ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය සදහන් කළා.

 

නගරය අවට සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

views

706 Views

Comments

arrow-up