ගෝඨාභයගේ පෙත්සම අභියාචනාධිකරණය පිළිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

ගෝඨාභයගේ පෙත්සම අභියාචනාධිකරණය පිළිගනී

ගෝඨාභයගේ පෙත්සම අභියාචනාධිකරණය පිළිගනී

ඇවන්ගාඞ් නඩුව සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් පිළිගෙන තිබෙනවා.

 

මෙම පෙත්සමෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව නඩු පවරා ඇති බවයි.

 

එහෙත් මෙම නඩුව ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බවට තමන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කළ බව ද එය ප‍්‍රතික්ෂේප වූ බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කර තිබෙනවා. 

views

716 Views

Comments

arrow-up