OCT
01
පොලිස්පති පූජිත්ට ඇප

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළා.
ඒ පොලිස් මූලස්ථානයට ඇතුළු වන විදුලි සෝපානයකදී පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.
618 Views
Comments