අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබයි

අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබයි

අකුරැස්ස, පානදුගම ඩඩ්ලි සේනානායක මාවත ප්‍රදේශයේදී අද අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

නගරයේ රාජකාරීයේ යෙදී සිටි මෙම  පොලිස් නිලධාරීන් දෙදෙනා  අංක තහඩු නොමැති  යතුරුපැදියක් නතර කිරීමට අණ කිරීමේ දී  එම යතුරු පැදියේ  පැමිණි පුද්ගලයන් දෙදෙනා  අණ නොතකා ධාවනය කර  ඩඩ්ලි සේනානායක මංසන්ධියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනාට   ටී-56 ගිනි අවියකින් වෙඩිතබා පලා ගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසනවා.

 

වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අකුරැස්ස පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන් 45950 හේමන්ත සහ කොස්තාපල් 72339 නුවන් යන පොලිස් නිලධාරීන් දෙදෙනායි.



ඔවුන් අකුරැස්ස රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට  ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

 

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පාදවලට තුවාල සිදුවී  ඇතැයි පොලීසිය කියා සිටියා.

views

610 Views

Comments

arrow-up