ඇල්පිටියේ බස්රථයක් තුළ වෙඩි තැබීමක් - අයෙක් මරුට

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇති බව ඇල්පිටිය පොලීසිය පවසනවා.
අද උදෑසන ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැත්තෙක්.
නඩු කටයුත්තක් සඳහා ඔහු බිරිය සමඟ ඇල්පිටිය අධිකරණයට යමින් සිටියදී මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියා සිටියා.
සිද්ධියෙන් පසු වෙඩි තැබූ සැකකරු බසයෙන් බැස බසය පිටුපසින් පැමිණි යතුරු පැදියක නැඟ තවත් පුද්ගලයකු සමඟ පළා ගොස් ඇතැයිද ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය සඳහන් කරනවා.
531 Views
Comments