කාන්තා මැදිරි වල ගමන්ගත් පිරිමි 10දෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
05

කාන්තා මැදිරි වල ගමන්ගත් පිරිමි 10දෙනෙකු අත්අඩංගුවට

කාන්තා මැදිරි වල ගමන්ගත් පිරිමි 10දෙනෙකු අත්අඩංගුවට


මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය මගින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

 

වෙන් කර ඇති මැදිරිවල අනවසරයෙන් ගමන් කිරීම යන චෝදනාව මතයි.

 

දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න සඳහන් කර සිටියේ සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර අද පෙරවරුවේ සිය රාජකාරි සඳහා කාර්යාලවලට පැමිණෙන පුද්ගලයින්ද සිටි බවයි.

 

ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු ගෙන් රුපියල් 1500 ක් සහ අනෙක් පුද්ගලයින් ගෙන් රුපියල් දහස බැගින් වූ රජයේ ගාස්තු අය කළ බවයි දුම්රිය ආරක්ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

views

653 Views

Comments

arrow-up