ඇටම්පිටියේ රක්ෂිතයක් ගිනි ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
05

ඇටම්පිටියේ රක්ෂිතයක් ගිනි ගනී

ඇටම්පිටියේ රක්ෂිතයක් ගිනි ගනී

අද(05) පෙරවරුවේ ඇටම්පිටිය – පනංගල ප්‍රදේශයේ වන වගාවක ගින්නක් හට ගෙන තිබෙනවා.

 

මෙම ගින්න මේ වනතෙක් පාලනය කිරීමට නොහැකි වී ඇති අතර ඒ සදහා ආපදා සහන කණ්ඩායම්, ගුවන් භටයින් හා ගුවන් හමුදා සෙබළුන් යොදවා ඇති ගුවන් හමුදා මාධ්‍ය අංශය වාර්තා කරනවා.

 

මේ අතර බණ්ඩාරවෙල මාතැටිල්ල ගල්වඩුතැන්න කඳු රක්ෂිතයේ අද උදෑසන ඇතිවු ගින්න මෙසේ පැතිර යමින් පවතින බවයි.

 

ගින්න හේතුවෙන් ගල්වඩුතැන්න කඳු රක්ෂිතයේ අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

 

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි.

 

රක්ෂිතයේ අවට නිවාස හා විදුලි රැහැන් පැවතීම නිසා විදුලිබල මණ්ඩලය විසින් මෙම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කළා.

 

ගින්න නිවීම සඳහා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරනවා.

views

590 Views

Comments

arrow-up