ඉන්දීය ජාතිකයින් 44ක් කොල්ලුපිටියේ දී අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ කොල්ලුපිටිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) උදෑසන සිදුකරන ලද මෙහෙයුමක දී ඉන්දීය ජාතිකයින් 44දෙනෙකු අත්ඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවා.
වයස අවුරුදු 25 –50 අතර වියෙහි පසුවන ඔවුන් පසුගිය වසර කිහිපය තුළ සංචාරක වීසා මත පැමිණ නීති විරෝධීව මෙරට රැදී සිට ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 44 දෙනා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මිරිහාන රැදවුම් කදවුර වෙත යොමුකිරිමට කටයුතු කරන බව ආගමන විගමණ දෙපාර්තමේන්තුව සදහන් කළා.
585 Views
Comments