විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.


 
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.


 
විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ  කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතිබවයි වාර්තා වන්නේ.


 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

views

780 Views

Comments

arrow-up