ඔබ නොදන්න නිවසේ මරඋගුල්-2
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

ඔබ නොදන්න නිවසේ මරඋගුල්-2

ඔබ නොදන්න නිවසේ මරඋගුල්-2

කලින් ලිපියකින් නිවසේ අපි නොදැනුවත්ව භාවිතා කරන මර උගුල් ගැන කරුණු කිහිපයක් ඔබව දැනුවත් කළා. මේ ඒ ලිපියේම දිගුවක්.

පෝරණු පිරිසිදුකාරක ද්‍රව්‍ය

අවන් හෙවත් පෝරණුව පිරිසිදු කිරීම සඳහා නිවෙස් වල විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. මේවායේ ඇති ක්ෂාරමය රසායනික ද්‍රව්‍ය වලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අපේ බඩවැල්වල සහ ස්වසන පද්ධතිය ආශ්‍රිතව ගැටලු ඇතිවෙන බව ඔබ දන්නවාද?

ගෘහභාණ්ඩ පොලිෂ් සහ පැල්ලම් ඉවත් කිරීමේ ද්‍රව්‍ය

මේවා ඉතා ඉක්මණින් ගිනිගන්නා සුළු වගේම මේවායේ අඩංගු ෆිනොල් සහ නයිට්‍රොබෙන්සීන් වැනි රසායනික වර්ග අපේ සමට පහසුවෙන් අවශෝෂණය කරන අතර එය පිළිකා තත්ත්ව ඇතිවීමට හේතුවන බව සොයාගෙන තියෙනවා.

වැසිකිලි පෝච්චි පිරිසිදුකාරක ද්‍රව්‍ය

මේ සඳහා වෙළඳපොලේ විවිධ වෙළෙඳ නම්වලින් ඇති ද්‍රව්‍ය භාවිතයට ගන්නවා. කොහොම නමුත් මේවා නිසා අපේ හමට ඇස් වලට හානි වන බව අපි නිකමටවත් හිතන්නේ නෑ. වෙනත් පිරිසිදුකාරක සමඟ මිශ්‍රවීමෙන් මේවායේ අහිතකර තවත් වැඩිවෙනවා වැඩි වෙනවා.

බැක්ටීරියා නාශක සබන් සහ බැක්ටීරියා නාශක සබන් දියර

වර්තමානයේ විවිධ රෝගවලින් ආරක්ෂා වීම සඳහා නිෂ්පාදනය කරන සබන් පිළිබඳ නිතර අසන්න ලැබෙනවා. මේවා පොදු වශයෙන් බැක්ටීරියා නාශක සබන් ලෙස හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් මේවායේ අඩංගු ට්‍රයික්ලොසාන් හා ට්‍රයිල්ක්ලෝකාර්බන් වැනි දෑ සැබැවින්ම හානිදායකයි. මේවා නිතර භාවිතා කිරීමෙන් ප්‍රතිජීවක වලට එරෙහි බැක්ටීරියා වර්ග සිරුරේ ඇති විය හැකි අතර ඒවා ජෛවමය වශයෙන් ජීර්ණක ද්‍රව්‍ය නොවන නිසා එයින් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.

පොතු ගැලවෙන තීන්ත

කලෙකට පෙර නිවසට ආලේප කළ රබර් තීන්ත ආලේපන කාලයක් යද්දි පොතු ගැලවී යන බව අපි දකිනවා. මේවා පොතු ගැලවෙද්දී එම කොටස් වලින් නිකුත් වන රසායනික කොටස් වල ඊයම් අඩංගු වන අතර ඒවා ආශ්වාස කිරීමට ඊයම් විෂවීම විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.

ගිනිගැනීම වළක්වන ද්‍රව්‍ය

මේවා බොහෝ විට ලැබෙන්නේ පැරණි කවිච්චි, පුටු කට්ටල් පැරණි සෝපා සහ පැරණි මෙට්ට ආදියේ. මේවා ගිනි ගැනීම වැලැක්වීම සඳහා රසායනික ද්‍රව්‍ය මේවට එක් කරලා තියෙනවා. කොහොම නමුත් මේ රසායනික ද්‍රව්‍ය මේවාට එක්කිරීම නිසා ගිනි ගැනීම වැලැක්වීම ඵලදායි ලෙස සිදු නොවන බවත් සොයාගෙන තියෙනවා. මේවාට නිතරම නිරාවරණය වීමෙන් වඳභාවය සහ මේවාට නිරාවරණය පුද්ගලයන්ගෙන් ඉපදෙන දරුවන් යම් යම් සහගත තත්වයන්ගෙන් යුක්ත වන බව සොයා ගෙන තියෙනවා.

 

 

 


මේ සඳහන් කළේ අපේ නිවෙස්වල භාවිතා කරන විවිධ රසායනික වර්ග කිහිපයකින් සිදුවන සිදු වන අහිතකර ප්‍රතිඵලයි. මෙතනින් සදහන් නොකළ ද්‍රව්‍ය බොහොම ගනනක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ පහසුවට විවිධ රසායනික ද්‍රව්‍ය වර්ග භාවිත කිරීමේදී පෙරට වඩා සැලකිළිමත් යුතු බව හැමෝම අවබෝධ කරගත යුතු කාරණයක් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Sourec: Internet

views

848 Views

Comments

arrow-up