ඔබගේ බිලිඳු දරුවා රතගාය නිසා පීඩාවිඳිනවාද

බිලිදු දරුවන්ට සහ මව්වරුන්ට වැළඳෙන රතගාය ශරීරය පුරා දිවයන ලේ ධාතුවේ උෂ්ණත්වය වැඩිවීම රතගාය සෑදීමට හේතුවක් ලෙස සිංහල වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙයි .මෙම රතගාය නමැති රෝගය ශරීරයෙන් ඉවත් කර සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කර ශරීර සුවය කිරි දරුවන් ට සහ මව්වරුන්ට ඇති කිරීමට පැරණි සිංහල වෙද මහතුන් විසින් සිංහල ඔසු වර්ග පැරණි වෙද පත්වල සඳහන් කර ඇත .මෙහි විශේෂත්වය වන්නේ මවුවරුන් සහ කිරි දරුවන්ට වෙන් වෙන් වශයෙන් සිංහල කසාය සඳහන් කිරීමයි.
දරුවා කුසේ සිටින දිනවල ම මව විසින් ගන්නා ආහාර රටාව මෙම රෝගයට හේතු හේතු කාරක වී ඇත .මවගේ ශරීරයේ උෂ්ණත්වය සමනය කර ශරීරය සම තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉපැරණි වෙද පරපුර විසින් මවට සහ දරුවාට වෙන් වෙන් වශයෙන් ඖෂධ සඳහන් කර ඇත.මවගේ ශරීරයේ උෂ්ණත්වය මග හරවා ගැනීමෙන් ළදරුවාට දෙන මව් කිරි මගින් ළදරුවාගේ ශරීරයේ උෂ්ණත්වය මගහරවාගෙන නිරෝගී තත්ත්වයට පත්කර ගත හැකි බව වෛද්‍යවරු විසින් නිතර නිතර පෙන්වා දී ඇත .මවගේ ශරීර උෂ්ණත්වය අඩු කර ගැනීමට ඒ සදහා කොහොඹ පොතු කසාය කර එයට අනුපාන වශයෙන් සීනි මී පැණි දමා දිනකට දෙවරක් බැගින් පත භාගයක් පමණ දින තුනක් හතරක් පානය කිරීමෙන් මවගේ ශරීරය ශරීරයේ උෂ්ණත්වය අඩු කර ගත හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි .
ලුණුවිල, වදමල් කැකුළු, රතු මල් කැකුළු, අරළු, කලං දෙක බැගින් ගෙන වතුර කෝප්ප හතරක් දමා එය කසාය කර කෝප්ප භාගයක් පමණ හිඳුවාගෙන සීනි දමා දිනකට තුන් වරක් බැගින් දින හතරක් පමණ තේ හැන්ද බැගින් පෙවීමෙන් දරුවාගේ රතගාය නැමැති රෝගය සමනය කරගත හැක.නිසි ලෙසින් මෙලෙස දින හතරක් පහක් පමණ දරුවාට පෙවීමෙන් දරුවාගේ සිරුර උෂ්ණාධික ගතිය පහ කරගත හැක.
එමෙන් ම දරුවාගේ ශරීරයේ නිරෝගී කර සම පැහැපත් කර දරුවාගේ පෝෂණ මට්ටම වර්ධනය කර ගත හැක .
මෙලෙසින් මෙම කසාය පානය කළ යුතු වන්නේ මව සහ දරුවා එකවර වීම විශේෂත්වයකි. විශේෂයෙන් මෙය අලුත උපන් දරුවන් වෙනුවෙන් විය යුතුය.විශේෂයෙන් අලුත උපන් දරුවාගේ ලේ ධාතුවේ උෂ්ණත්වය රතගාය සෑදීමට හේතු පාදක වී ඇති බව ඉපැරණි වෙදදුරු විසින් පවසා ඇත. රතගාය නමැති මෙම අසාත්මික තත්ත්වය මුළුමනින්ම දුරලා දරුවාගේ සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට මෙම කසාය නිර්දේශිත අයුරින් පානය කිරීම සුදුසු යැයි පැරණි වෙද පරපුරේ වෙද මහතුන් පවසා ඇත.
by Dilki Shamani
Photo Source: Internet
1310 Views
Comments