හැමදේම ශීතකරණයට දාන්න එපා-2
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

හැමදේම ශීතකරණයට දාන්න එපා-2

හැමදේම ශීතකරණයට දාන්න එපා-2

පෙර ලිපියකින් ශීතකරණයේ තබා ආහාරයට ගන්න නුසුදුසු ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඔබ දැනුවත් කළා. මේ ඒ පිළිබඳ දිගුවක් .

කෝපි

කෝපි ඇට හෝ කුඩු ශීතකරණයේ බහාලීමෙන් වලකින්න. ඒ තුළ වැඩි තෙතමනේ හේතුවෙන් කෝපි වල සුවඳ සහ රසය අඩු වෙනවා. ඒ නිසා නිතරම කෝපි මිලදී ගැනීමේදී අවශ්‍ය තරමට වඩා මිලදී ගැනීමෙන් වළකින්න.

මී පැණි
මීපැණි ශීතකරණයේ තැබීමෙන් එය ඉමනින් කැටි ගැසෙනවා. ඒවා තැබිය යුත්තේ අධික උෂ්ණත්වයෙන් බැහැර ස්ථානයක. මාස දොළහට අඩු දරුවන් සඳහා මී පැණි දීම නුසුදුසු බව සඳහන් වෙනවා.

බටර්

බටර් ශීතකරණය තුළ බහාලීමෙන් එය ආහාර මත තැවරීම ඉතාම අපහසු වෙනවා. ඇත්තෙන්ම බටර් තැබීමට වඩා සුදුසු වන්නේ හොඳින් ආවරණය කොට ඉර එළිය නොවැටෙන ස්ථානයකයි. බටර් පැස්චරීකරණයට ලක්කර සහ ලූණු එක්කොට ඇති නිසා නරක් වෙන්නෙත් නැහැ. කෙසේ වෙතත් ඔබ අධික කලාපයක ජීවත් වෙනවා නම් එය ශීතකරණයක තැබීම ගැටලුවක් වන්නේ නැහැ.

කොමඩු
කාමර උෂ්ණත්වයේ තබන කොමඩු වල ප්‍රනීත ගතිය හා යුෂ ගතිය ඉතාම වැඩියි. එසේම කාමර උෂ්ණත්වයේදී එහි ප්‍රතිඔක්සිකාරක ගුණය රසය සහ පෝෂණය අඩු වන්නේ නැහැ. කොමඩු කැපීමෙන් අනතුරුව ආහාර ඔතන විනිවිද පෙනෙන ඇසුරුමක ඔතා ශීතකරණයේ තබා ශීතකරණයේ දින තුනකට වඩා එසේ තැබීම සුදුසු වන්නේ නැහැ.

ඔලිව් තෙල්

ඔලිව් තෙල් ශීතකරණය තුළ තැබීමෙන් එහි රසයේ ස්වභාවයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා කබඩ් එකේ අඳුරු මුල්ලක රඳවා තබන්න. විවරණ නොකල ඔලිව්තෙල් වසර දෙකක් පමණ කාලයක් කිසිදු හානියක් නැතිව තබාගන්න පුළුවන්.

විනාකිරි

විනාකිරි තැබිය යුත්තේ එළිය නොවැටෙන අඳුරු ස්ථානයක. කෙසේ වුවත් කුළුබඩු ආදිය එක්කොට නිපදවන ලද විනාකිරි ශීතකරණයේ තැබීම සුදුසු වන්නේ නෑ.

අබ

ආම්ලික ගුණය සහිත අබ ශීතකරණයේ දැමිය යුතු වන්නේ නැහැ. එමගින් ස්වභාවික රස හීනවී යනවා.

තක්කාලි

අනිවාර්යයෙන්ම ශීතකරණයේ නොදැමිය යුතු තවත් ආහාරයක් තමයි තක්කාලි. එහෙම වුනොත් එහි රසය උද්දීපනය කරන සෛල විනාශයට පත්වෙනවා.

 

 

 


කෙසෙල්

ඉදුණු කෙසෙල් අනිවාර්යෙන්ම අසුරා තැබිය යුත්තේ ශීතකරණයෙන් පිටත. ඉදුණු කෙසෙල් තවදුරටත් ඉදීම වලක්වා ගැනීම සඳහා ශීතකරනයේ තබා ගන්න පුළුවන්. කොහොම වුණත් ඉක්මනින් ඉදවිය යුතු නැති එළවළු පලතුරු ආසන්නේ කෙසෙල් තැබීම නුවණට හුරු නැහැ.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා කාමර උෂ්ණත්වයේ අසුරා තබන විට එහි රසය වැඩි වෙනවා. පිපිඤ්ඤා කියන්නේ දිගු ආයු කාලයක් ඇති එළවළු වර්ගයක්. මේවා කාමර උෂ්ණත්වයේ ඇපල් සහ කෙසෙල් වලින් ඈත් කොට අසුරා තබන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

641 Views

Comments

arrow-up