සම ලස්සන කරන ෆේස් සීරම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

සම ලස්සන කරන ෆේස් සීරම්

සම ලස්සන කරන ෆේස් සීරම්

ෆේස් සීරම් කියන්නේ සම වියපත් වීමට එරෙහිව භාවිතා කළ හැකි දැනට තියෙන හොඳම රූපලාවණ්‍ය සත්කාරයක් කිව්වොත් නිවැරදි. වියපත් වීමත් නිතර හිරු එළියේ අඩංගු පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමත් පරිසර දූෂණය නිසා වයසටත් වඩා වියපත් පෙනුමක් ඔබට ලැබෙන්නේ ඒ නිසාවෙන් නිසාවෙන් ඇතිවන රැලි වැටීම් නිසයි. මෙය මේවාට පොදුවේ භාවිතා කළ හැකි සත්කාරයක්. සති දෙකක් වගේ කෙටි කාලයක් වුවත් භාවිතා කිරීමෙන් මුහුණේ පිරිපුන් පැහැපත් මුහුණක් ලබා ගන්න පුළුවන්. විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක සහිත සීරම් මේ කාර්යයේදී විශේෂයි. ඒ වගේම හයිඩ්‍රොක්සි වර්ග අඩංගු සීරම් වර්ග පහසුවෙන් සමට උරා ගන්නා නිසා සමේ ක්ෂණිකව ඇතිවන දිදුලන වෙනසක් අත්විඳින්න පුළුවන්. ඒවගේ අධික්‍රියාකාරී රසායනයකින් සාමාන්‍ය මොයිස්චරයිස් එකට වඩා ඉහළ කාණ්ඩයකින් අඩංගු කළ සැහැල්ලු මොයිස්චරයිසින් කාණ්ඩයේ ආලේපනයක් තමයි ෆේස් සීරම් කියන්නේ. ක්‍රියාකාරී සංයෝගය අධිමාත්‍රාවෙන් අඩංගු කරලා තියෙන නිසාම ඉතාම කාර්යක්ෂම ලෙස සාර්ථක ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදනයක් ලෙස මෙය ප්‍රකට වෙලා තියෙනවා.

හැම කාරණයකට වගේම සමේ ඇතිවන කුරුලෑ ප්‍රතිකාර කරන්නත් සමත් සීරම් වර්ග දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේ වගේ සීරම් වල අඩංගු කරලා තියෙන්නේ සැලිසිලික් ඇසිඩ් සහ බෙන්සොයිල් පෙරොක්සයිඩ් වගේ ප්‍රතිරෝධක සංඝටක. මේ තාක් කල් මුහුණේ සම ඇතුළතින් ගැඹුරින් පිරිසුදු කරන්න භාවිතා කරපු ප්‍රියතම සත්කාරයක් තමයි ෆේස් ස්ක්‍රබ් කියන්නේ. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වුණා. රසායනික පිරිසිදුකාරක තමයි අලුත්ම රැල්ල වෙලා තියෙන්නේ. ඉතා ලේසියෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා එවැනි රසායනික පිරිසිදුකාරකයක.

 

 

 


ෆේස් සීරම් භාවිතා කිරීමේදී මුලින්ම සමට ගැළපෙන ක්ලෙන්සර් වර්ගයක් යොදාගෙන සම මුලින්ම පිරිසුදු කරගන්න. මෙමගින් සමේ රැඳෙන කුණු මැරුණු සෛල වගේ අපවිත්‍රකාරක ඉවත් කරන නිසා සීරම එක හොදට උරාගන්න උදව්වෙනවා. ඔබේ තෝරාගැනීම අනුව රටකජු ඇටයක ප්‍රමාණයක සීරම් ඇඟිලි තුඩු වලට ගෙන මුණ පුරා හොඳින් පැතීරී යන සේ සම්භාහනය කරන්න. මෙහිදී මතක තබා ගන්න හයිඩ්‍රොක්සිල් හිරු එළිය වඩාත් සංවේදී නිසා මේවා භාවිත කළ යුත්තේ රාත්‍රියේ. ඉන්පසුව වෙනදා වගේම ආලේප කරන ක්‍රීම් එකක් තවරන්න. මෙමගින් සම වඩාත් හොඳින් ආරක්ෂා වෙනවා. මේ නව රූපලාවණ්‍ය සත්කාරයක් වන ෆේස් සීරම් සත්කාර ඔබේ මුහුණේ සම නිරෝගිමත් කරගන්න යොදාගන්න පුළුවන්. කොහොම නමුත් මේ රසායනික ද්‍රව්‍ය බව මතක තබා ගැනීමත් වැදගත් වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1493 Views

Comments

arrow-up