වැරදි ව්‍යායාම පුරුදු වල ප්‍රතිඵල භයානකයි

දිනපතා ප්‍රධාන කෑම වේල් තුන සඳහාම පෝෂණීය ආහාර පාන ලබා ගත්තාට හෝ මානසික සමබරතාවය පවත්වා ගත්තාට හෝ නිසි පරිදි ජලය පානය කිරීම හෝ නිසි නින්දක් ලැබීමෙන් පමණක් නිරෝගි දිවියක් ගත කරන්න බැහැ. මේ සඳහා නිවැරැදි ව්‍යායාම අවශ්‍ය වෙනවා. ඒත් ව්‍යායාම කිරීමේදී වැරදි ව්‍යායාම ඉරියව් පවත්වා ගැනීම සිරුරට මහත් වූ අහිතකර ප්‍රතිඵල ගෙන දෙනව.
වැරදි ව්‍යායාම වලට උදාහරණ කීපයක් වන්නේ
*හිස සමග ගෙල කරකැවීම කිසිසේත්ම සිදු කළ නොකළ යුතු ක්‍රියාවක්. මෙසේ සිදු කිරීම තුළින් සුෂුම්නාව මෙන්ම බෙල්ලේ අස්ථි වල බොහෝ හානි සිදුවිය හැකියි. එසේ කිරීමට උත්සාහ කිරීමත් වැරදියි. මෙවැනි ව්‍යායාමයකින් ප්‍රගුණ කළ හැකි කිසිදු ක්‍රීඩාවක්ද නැහැ.
*සමහර අය උදෑසන ව්‍යායාම් කරන අතරතුර තනි කකුලෙන් සිටගෙන එකක් කකුලක් ඔසවාගෙන දනිස කැවීමට උත්සාහ කරනවා. දනිස් හන්දිය දොරක සරනේරුවක් ලෙස ක්‍රියාකරන සන්ධියක් මිස පූර්ණ වශයෙන් රවුමට ක්‍රියාකරන සන්දියක් නොවේ. දණහිස නැවිය හැක්කේ ඉදිරියටත් පසුපසටත් පමණයි. ඉන් පරිබාහිරව දණහිස කරකැවීමට යාමෙන් දණහිසේ ඉතාම බරපතළ හානි ගෙන දෙන බව වෛද්‍යවරුන් පමණ පවසනවා. හිටගෙන සිටින ඉරියව්වේ සිට අප ඉදගන්නා විට පවා දණහිස් එය දණහිස් නවා සිදු නොකළහොත් කොන්ද නවා වහාම කොන්ද ආබාධයට ලක්වෙනවා.
මිනිසුන් ඍජුව ගමන් කරන්නේ කොන්ද නමාගෙන නොවේ .අපගේ කොඳු ඇට පෙළ අතරින් මධ්‍ය ස්නායු පද්ධතිය ගමන් කරන නිසා කොන්ද නැවීම කළ යුතුයි. නිසි පිළිවෙළකට දණහිස් නොනමා කළ හැකි කිසිදු ක්‍රීඩාවක් නැතිනම් දණහිස් නොනමා ව්‍යායාම කිරීමද අනවශ්‍ය බව ඔබ තේරුම්ගත යුතුයි.
සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යායාමයක් කිරීමේදී ශරීරයේ ක්‍රියාකාරිත්වය වේගවත්. අධික වෙහෙසකාරී ව්‍යායාම යෙදීමේදී ශරීරයේ ක්‍රියාකාරීත්වය මෙන්ම හෘද ස්පන්දන වේගයද වැඩිවෙනවා. මේ තත්වයට ඔරොත්තු දීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මේ නිසා ව්‍යායාම නිරත වීමට බලාපොරොත්තුවන ඔබ සුදුසුකම් ලත් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මගින් ඔබේ රුධිර පීඩනය හෘද ස්පන්දන වේගය පිළිබඳ පරීක්ෂා කර ගැනීම කර ගැනීම වැදගත් වෙනවා. ව්‍යායාම්වල නිරත වීමට පෙර පිරිසිදු වතුර වීදුරුවක් පානය කරන්න. ශරීරයෙන් අධිකව දහඩිය පිටවන නිසා කපු ඇදුම් ඇදීම ඉතාම සුදුසුයි. ක්‍රීඩා කටයුතුවල නොයෙදෙන කය වෙහෙසා එදිනෙදා කටයුතු නොකරන අය සඳහා එකවරම කාය වර්ධන ව්‍යායාම හෝ යෝග ව්‍යායාම සුදුසු වන්නේ නැති බවයි වෛද්‍ය මතය වන්නේ. එවැනි අය මුලින්ම සුළු ව්‍යායාම වල නිරත වෙමින් සුදුසු පරිදි උපදෙස් ලබා ගනිමින් ක්‍රමානුකූලව ව්‍යායාම සිදු කළ යුතු වෙනවා. නැත්නම් සුව වෙන්න ගිහින් රෝගී වෙන්න තමයි වෙන්නේ.
by Dilki Shamani
Photo Source: Internet
868 Views
Comments