දෙකන් අවපැහැ ගැන්වීම නිසා ඔබත් කනස්සල්ලෙන්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

දෙකන් අවපැහැ ගැන්වීම නිසා ඔබත් කනස්සල්ලෙන්ද

දෙකන් අවපැහැ ගැන්වීම නිසා ඔබත් කනස්සල්ලෙන්ද

ලස්සන රුවක හිමි කාරිනියක් වීම සියලුම දෙනාගේ පැතුමයි. ඒ පැතුම මල්ඵල ගැන්වීමට නම් රූපලාවණ්‍ය පිළිබඳ ඇති දැනුවත් බව ඉතාම වැදගත්. ඒ නිසාම දැන් රුවැත්තියන් රූපලාවණ්‍ය කෙරෙහි දක්වන්නේ විශාල උනන්දුවක් සහ කැමැත්තක්. රූපලාවන්‍ය සත්කාර වලින් හැඩ වීමට සිතන යුවතියන්ට පවතින තවත් ගැටලුවකි දෙකන් අවපැහැ ගැන්වීම. වර්තමානයේ දී බොහෝ කාන්තාවන්ගේ මුහුණ ඉතාමත් පැහැපත්. නමුත් අවාසනාවකට කරුණ නම් ඔවුන්ගේ කන්දෙක අඳුරු පැහැති වීමයි.

 

මුහුණ කෙතරම් පැහැපත්ව තිබුණද කන්දෙක අඳුරු පැහැ වීම නිසාවෙන් කාන්තාවන්ට ගෙනදෙන්නේ කිසියම් ප්‍රමාණයක අවලස්සනක්. මෙම තත්වය ඇති වන්නේ යම් යම් හේතු කාරණා හේතුවෙන් වෙන අතර රූපලාවණ්‍ය තුළදී මෙම තත්ත්වය අවම කර ගැනීමට පිළියම් කිහිපයක්ම හඳුන්වා දී ඇත. පැහැපත් මුහුණක් වෙනුවෙන් බොහෝ දෙනෙක් විවිධ සත්කාර කරනු ලබයි. විවිධ මිල ගණන් වලින් වෙළඳපෙළේ පවතින ක්‍රීම් වර්ග සහ ෆේස් වොෂ් වර්ග ආලේප කරමින් මුහුණේ පැහැපත් බව රැකගැනීමට යුවතියන් බොහෝ විට උත්සාහ දරයි. නමුත් මුළු මුහුණටම එවැනි ආකාරයෙන් සත්කාර කරද්දී බහුතරයක් කාන්තාවන්ට තමාගේ කන්දෙක අමතක වීමක් දක්නට ලැබේ. මුහුණ සේදීමේදී සහ ක්ලෙන්සර් කිරීමේදී ඒ සත්කාර කන් දෙකටත් කිරීමට අමතක නොකළ යුතුයි. මක්නිසාද ඔබගේ සුන්දරත්වයට ඔබගේ මුහුණ මෙන්ම කන් දෙකද බලපාන නිසාවෙනි. moisturizer හො face cream ආලේප කිරීමේදී කන් දෙකද හොඳින් සම්බාහනය කළ යුතුයි. මුහුණ මේකප් කිරීමේදී foundation සහ පවුඩර් කන් වලත් ආලේප කිරීමට ද කාන්තාවන් අමතක නොකළ යුතුයි.

 

 

කණේ පළඳින කරාඹු ආදිය නිතරම පිරිසිදුව තබා ගැනීමට වගබලා ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම සතියකට වරක්වත් කහ ස්වල්පයක්, එළකිරි මේස හැන්දක් සහ කඩල පිටි මේස හැන්දක් මිශ්‍ර කර තලපයක් සේ ස්ක්‍රබ් එකක් සාදා කන් වල ආලේප කර හොඳින් ස්ක්‍රබ් කිරීම ද සිදු කළ හැකිය. එවිට ඔබගේ මුහුණ මෙන්ම ඉතාමත් පැහැපත්ව ඔබගේ කන් ද පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. කාන්තාවකගේ සුන්දරත්වය විදහා දැක්වීමට ඇයගේ සියලුම ශරීර අංග ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් තමාගේ කන් දෙකේ පැහැපත් භාවය රැක ගැනීම සඳහා වැඩි අවධානයක් නොදක්වයි. එමගින් සිදු වන්නේ කාලයත් සමග ඔවුන්ගේ කන් අවපැහැගැන්වී වඩාත් දුර්වර්ණ වීමයි. ඔබත් සුන්දර කාන්තාවක් වීමට සිහින දකිනවානම් ඔබගේ මුහුණ පිළිබඳව මෙන්ම ඔබගේ දෙකන් පිළිබදවත් අවධානයක් සැලකිල්ලක් ලබා දීමට අමතක නොකරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

535 Views

Comments

arrow-up