ශරීර සෞඛ්‍ය පිරිහීමට බලපාන පෝෂණ ගැටලු

පෝෂණය බොහෝ දෙනකුට ගැටලු ඇතිකරවන තත්ත්වයකි. දිනකට ශරීරයට ලැබිය යුතු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය නොලැබී යෑම දිගින් දිගටම සිදු වුවහොත් පෝෂණ ඌණතා ඇති විය හැකිය. දිනකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය එදිනට නොලැබී ඉන්පසු දින එම ප්‍රමාණයෙන් දෙගුණයක් ශරීරයට ලැබුණද ප්‍රයෝජනවත් නොවේ. සමබල ආහාර වේලක් තුළින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක අවශ්‍යතාව සපුරාගත හැකිය. ප්‍රධාන ආහාර වේලට ඇතුළත් කාබෝහයිඩ්‍රේට්, මේද, ප්‍රෝටීන් ආදී ප්‍රධාන පෝෂක කොටස්වලට අමතරව ක්ෂුද්‍ර පෝෂක කොටස්ද අප ශරීරයේ වර්ධනයට ඉවහල් වේ. ශරීර ශක්තිය ලබාගැනීමට මෙන්ම ශරීර අභ්‍යන්තරයේ පටක වර්ධනය කෙරෙහිද ක්ෂුද්‍ර පෝෂක ඉතා වැදගත් කාර්යයක් ඉටුකරයි.
මන්දපෝෂණය
බොහෝවිට මන්දපෝෂණයට මූලිකව හේතු වනුයේ පෝෂණ ඌනතාවන් ය. කෙටිකාලීනව සෑදෙන මන්දපෝෂණයේ දී ශරීරයේ උස ප්‍රමාණයට එතරම් බලපෑමක් නොවුණද ශරීර අභ්‍යන්තරයෙහි දිරාපත් වීමට බලපෑම් ඇති කරයි. විවිධ සමාජීය පාරිසරික හේතු නිසා දීර්ඝකාලීනව ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී ගියහොත් එය ශරීර අභ්‍යන්තරය දිරාපත් වීමට සහ ශරීරයේ වර්ධනයට බාධා ඇති කරයි.
අධි පෝෂණය
ශරීරයේ වැටීමට අත්‍යවශ්‍ය ප්‍රධාන පෝෂක කොටස්වලට අමතරව ක්ෂුද්‍ර පෝෂකයන්ද සුළු වශයෙන් වැදගත් වේ. ශරීරයට ලැබිය යුතු පෝෂක ඌන වීම මෙන්ම ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර ලැබීමද ගැටලුකාරී තත්වයකි. බොහෝ කුඩා දරුවන් තම වයසට වඩා වැඩි ශරීර ස්කන්ධයකින් හා පෙනුමකින් යුක්ත වෙයි. එය එතරම් සුදුසු නොවේ. පසුකාලීන විවිධ රෝගාබාධ ඇතිවීම කෙරෙහි අධිපෝෂණය බලපෑම් ඇති කරයි. අනාගතයේදී ගැටලු රැසකට මුහුණ දීමට තරබාරු දරුවන්ට සිදුවේ.
උපත් බර
උපතේදීම බිලිඳෙකුගේ වැඩීම කෙරෙහි බලපෑම් ඇතිකරනුයේ මවගේ පෝෂණයයි. නිසි පෝෂණයක් නොලැබුණොත් මවු කුසකින් බිහිවන අඩු උපත් බරකින් යුතු දරුවකු පසුකාලීනව ප්‍රධාන ගැටලුවකට මුහුණ පායි. ග්‍රෑම් 2500 කට වඩා අඩු බරකින් උපත ලැබූ දරුවන්ගේ ශරීරය වැඩෙද්දී මිටි ස්වභාවයක් ආරෝපණය වේ. පසුකාලීනව යම් යම් ගැටලුවලට තුඩු දෙන්නක් විය හැකිය.
යකඩ අවශ්‍යතාවය
ශරීරයේ රුධිර සෛල නිපදවීම සඳහා යකඩ අත්‍යවශ්‍ය සාධකයකි. එක යකඩ ඇණයක් සෑදීමට තරම් ප්‍රමාණවත් යකඩ ප්‍රමාණයක් මේ ශරීරය තුළ ඇත. යකඩ ඌනතාවය කෙරෙහි බොහෝ විට බලපෑම් ඇති කරනුයේ රක්තහීනතාවය යකඩ යම් ප්‍රමාණයක් අඩු වූ විට එය ශරීරයේ හිමොග්ලොබින් ප්‍රතිශතයට එතරම් බලපෑම් ඇති නොකරයි. සමහර අවස්ථාවලදී නිලීන ජාන ඉස්මතු වීම නිසා රතු රුධිර සෛල ඉතා කෙටි කලකින් ඉබේම බිඳ වැටෙන්නට පටන් ගනී. එම නිසා ශරීරයේ යකඩ අභ්‍යන්තර ශරීර අභ්‍යන්තරයේ එක්වූ විට ශරීර පද්ධතිවලට බලපෑම් එල්ල වීම වැඩිවේ. උපතින්ම නොවුණත් බොහෝ කලාතුරකින් පසුකාලීනව රතු රුධිර සෛල බිඳ වැටෙන තත්ත්ව ඇතිවිය හැකිය.
යකඩ ඌනතාවය
දීර්ඝකාලීන යකඩ ඌනතාවය නිසා ළමුන්ගේ සහ ගැටවර වයසේ ළමුන් ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙන්ම මතකයද අඩුවී යා හැකිය. අධික රුධිර වහනය, කොකු පණු රෝග, අර්ශස්, ආමාශ තුවාල, අන්ත්‍රයට වැඩිපුර ලේ ගලා යෑම, වකුගඩු රෝග ආමාශගත රෝග ආදිය රක්තහීනතාව කෙරෙහි බලපෑම් ඇති කරයි. ඔසප් දිනවලදී ශරීරයෙන් අධිකව පිටවන යකඩ ප්‍රමාණය නැවත ශරීරයට ලබාදීම සඳහා උපත් පාලන පෙති අතරට යකඩ අඩංගු පෙති ද ඇතුළත් කොට ඇත්තේ එබැවිනි.
යකඩ අවශෝෂණය
මාංශ වර්ග වල, සාරණ, නිවිති වැනි පළා වර්ග වල එළවළු වර්ග වල යකඩ අඩංගුය. නමුත් එම ආහාරවල අඩංගු යකඩ ප්‍රතිශතයෙන් යම් ප්‍රමාණයක් අපේ ශරීරයට අවශෝෂණය කරගනී. නමුත් යකඩ අඩංගු ආහාර පිළියෙල කිරීමේදී ඒවාට ඇඹුල් ජාති මිශ්‍ර කිරීමෙන් ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිශතය වැඩිකර ගත හැකිය. නමුත් ආහාර ගත් විගස තේ කෝපි වැනි පාන ගතහොත් යකඩ අවශෝෂණය අඩු විය හැකිය.
by Gihan Hapuhetti
Photo Source: Internet
1800 Views
Comments