ගෙදරදීම අායුර්වේද ෆේෂල් එකක් කරමු

රුව ගැන කතාකරන විට මුහුණට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝ දෙනෙකු මුහුණ පැහැපත් වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නීරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කරගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම වසර 35 ඉක්මවූ කාන්තාවන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එලෙස ඔබට කරගත හැකි ආයුර්වේද ෆේෂල් සත්කාරයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
ෆේෂල් කරන්නේ ඇයි ?
සාමාන්‍යයෙන් කාන්තාවකට සමේ බාහිර ආබාධ නැතිනම් තරුණ වියේදී සමට විශේෂ පෝෂණයක් අවශ්‍ය නැත. එහෙත් වයස අවුරුදු 35 ක් පමණ වන විට සිරුරේ හෝමෝන වල ක්‍රියාකාරිත්වය හීනවීම නිසා සමට අවශ්‍ය පෝෂණය නොලැබී යයි. එම නිසා සමේ තෙතමනය නැති වීම, ඇස් යට රැලි ඇතිවීම, ගෙල අවට රැළි ඇතිවීම, සම අවපැහැ ගැන්වීම වැනි වියපත් වීමේ ලක්ෂණ පහළ වේ. මේ නිසාම සෑම කාන්තාවක්ම වයස අවුරුදු 35 පමණ වන විට මසකට වරක් ෆේෂල් සත්කාරයක් කර ගැනීමට උනන්දු විය යුතුය.
මුලින්ම මුහුණ පිරිසිදු කරන්න
මේ සඳහා ක්ලෙන්සර් එකක් භාවිතා කළ යුතුය. පිපිඤ්ඤා යුෂ, මීපැණි, දෙහි යුෂ, තේ හැන්ද බැගින් ගෙන ඒවා හොදින් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය මුහුණේ ආලේප කර මිනිත්තු තුනක් පමණ වේලාවක් උඩු අතට හොඳින් පිරිමදින්න. මෙය කුඩා මසාජ් කිරීමක් වැනිය. අනතුරුව තෙත පුළුන් කැබැල්ලකින් හෝ ස්පොන්ජ් එකකින් මෙම ආලේපනය ඉවත් කර ගන්න.
ස්ක්‍රබ්
වෙනිවැල්ගැට, ඉරමුසු, කොකුම්පොතු, සුදුහඳුන් කුඩු, තේ හැන්ද බැගින් ගෙන එය පොල් වතුර හෝ මීපැණි වලින් දිය කර මුහුණේ ආලේප කරන්න. ඉන්පසුව මෙම ආලේපනය මිනිත්තු පහක් පමණ කාලයක් රවුමට උඩු අතට ස්ක්‍රබ් කර ආලේපනය සම වියලීමට ඉඩ හරින්න. වියළුණු පසු නැවත ස්ක්‍රබ් කර සෝදා හරින්න.
බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරන්න
ඉන්පසු මුහුණේ ඇති වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත් කළ යුතුය. ඒ සඳහා කොහොඹ කොළ, අමු කහ, තම්බා එම වතුරෙන් මුහුණට දුම් අල්ලා මුහුණෙහි ඇති කළු ලප සුදු ලප සහ කුරුලෑ එක්ස්ටැක්ටරයක් භාවිතයෙන් ඉවත් කරගන්න. ඉන්පසුව කෝමාරිකා යුෂ සමග මී පැණි හා තල තෙල් බිංදු කිහිපයක් හොඳින් මිශ්‍රකර සම උඩු අතට මිනිත්තු දහයක් පමණ සම්බාහනය කරන්න. මෙය වඩාත් අවබෝධයෙන් කළ යුතු ව ඇත.
පැක් එක දමා ගනිමු
මුහුණ පිරිසිදු කර ගැනීමෙන් පසුව ඔබට පැක් එක දමා ගත හැකිය. ඒ සඳහා නාමල් රේණු, දොඩම් ලෙලි කුඩු, කොකුම් පොතු කුඩු හා මී පැණි තේ හැන්ද බැගින් ගෙන ඒවා එළකිරි සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ආලේපනය වියළුණු පසු සෝදා හරින්න.
ඔබට ලැබෙන ප්‍රයෝජන
මෙම ප්‍රතිකර්මයෙන් සම පැහැපත් වනවා පමණක් නොව මුහුණේ සමට නිසි පෝෂණයක් ලැබේ. එමඟින් ගිලිහී යන තරුණ බව බොහෝ දුරට ආරක්ෂා කර ගැනීමට ඔබට අවස්ථාව උදාවේ.
by Gihan Hapuhetti
Photo Source: Internet
1583 Views
Comments