ඔබගේ නිය පෙළ ඔබත් රැකගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
09

ඔබගේ නිය පෙළ ඔබත් රැකගන්න

ඔබගේ නිය පෙළ ඔබත් රැකගන්න

සුන්දර නියපෙලක් යුවතියකට ආභරණයක් වැනිය. බොහෝමයක් කාන්තාවන් මැසිවිලි නගන්නේ තමාට සුන්දර සහ ක්‍රමවත් නියපෙලක් නොමැති බවටයි. නමුත් එසේ පවසන ඔබ, ඔබගේ නිය පෙළ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්නට මොහොතකටවත් සිතුවාද. බොහොමයක් කාන්තාවන්ගේ දෑත් සහ දෙපාවල නියපොතු අසුන්දර වී ඇත්තේ ඇයගේ පවතින නොසැලකිලිමත්භාවය හේතුවෙනි. ඇත්තෙන්ම කිවහොත් මෙය කාන්තාවන්ට පමණක් විශේෂිත වූ ගැටළුවක් නොවේ නොවේ. පුරුෂ පාර්ශවයද වර්තමානය වන විට නියපොතු සම්බන්ධ ගැටලුවලින් පෙලීමක් දක්නට ලැබේ.

 

 

දෑත් වල මෙන්ම පාද වල නියපොතු පිරිසිදුව තබා ගැනීමද කාන්තාවකගේ පෞරුෂත්වයේ එක් අංගයක් වශයෙන් ද සැලකේ. කාන්තාවන්ගේ නියපොතු කැඩී යාම, දුර්වර්ණවීම, දිරායාම, නරක් වීම ආදී විවිධ පීඩාකාරී තත්ත්වයන් ඇතිවීමට පුළුවනි. නියපොතු සැපීමට පුරුදු වීම නිසාද නියපොතු වල සහ දෑත්වල අවලස්සනක් මතුකරයි. කාන්තා පිරිමි ඕනෑම කෙනෙකුට මෙම ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකියි. කල් පවතින මෙවැනි තත්ත්වයන් රෝග බවටද පරිවර්තනය විය හැකියි. එමනිසාවෙන් දෑත්වල වගේම දෙපා වල නියපොතු මනාව පිරිසිදු කර සකසා ගැනීම ඉතා හොඳ සෞඛ්‍යවත් පුරුද්දක්. සමහර වෘත්තීන්වල යෙදෙන පුද්ගලයන්ට දවසේ වැඩි වේලාවක් අත් ආවරණ වැළඳගනිමින් වැඩ කිරීමට සිදු වී තිබේ. එවිට දහදිය පිට නො වීම ,සමහර අත්වැසුම් වල රසායනික ද්‍රව්‍ය නියපොතු මත ක්‍රියා කිරීම නිසා ද විවිධ රෝගාබාධයන් නියපොතු වල මතුවෙයි. කුමන ආකාරයක රැකියාවක යෙදුනද ඔබටත් අවස්ථාවක් තිබෙනවා ලස්සන මුහුණක් වගේම සුන්දර නියපෙලක් තබාගැනීමට. නිතරම වතුර සමඟ ගෙදර වැඩ කිරීමේදී, මිදුල පිරිසුදු කිරීමේදී, පැළ සිටුවීම්, රෙදි සේදීම, වාහනය සේදීම, පොළොව පිරිසිදු කිරීම, නානකාමර වැසිකිළි පිරිසිදු කිරීම, ඉවුංපිහුං වැනි ගෙදර විවිධ කටයුතුවලදීද නියපොතු දුර්වර්ණ වීම සහ කැඩීම සිදුවේ. කැඩුණු නියපොතු හේතුවෙන් ඇඟපත සීරීම, හිස තුවාල වීම, විවිධ දේවල් සමග පැටලීම යනාදියද අත්විඳීමට සිදුවේ. කුඩා දරුවන් සිටින මවුපියන් නිතර ම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. තමන්ට අවශ්‍ය ආකාරයෙන් තමන්ගේ සමට ගැළපෙන වර්ණ භාවිතා කර නියපොතු සුන්දරව තබා ගැනීමට උත්සුක වන්නේ නම් මනා පෞරුෂයක් ගොඩනගා ගැනීමට කාන්තාවකට හැකි වේ. තවද විවිධ දිලීර ආසාදන නිසාවෙන් නියපොතු විනාශ වී ඇත්නම් ඒ සඳහා සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම ද අත්‍යවශ්‍ය කාරණයකි. සැමවිටම නියපොතු පිරිසුදු කිරීමට සුමට කෙඳි සහිත බුරුසුවක් භාවිතා කළ යුතු අතර ත්‍රිකෝණාකාරයට නොමැතිව හතරැස් ආකාරයට නියපොතු කපා ගැනීමෙන් නියමල නරක් වීම, ආසාදන ඇතිවීම යනාදිය වළක්වා ගත හැකියි. තවද හැකි සෑම විටම hand and nail cream එකක් භාවිතා කිරීම ද ඉතාමත් ගුණදායකයි.

 

නියපොතු කැපීම සඳහා පිරිසිදු කතුරක්, nail cutter එකක් භාවිතා කල යුතු වෙයි. තවද නියපොතු ශක්තිමත්ව තබා ගැනීමට පෝෂණ සංඝටක සපිරි විටමින් වර්ග අඩංගු ආහාර තමාගේ ආහාර වේල් වලට එක්කර ගැනීම ද කළ යුතු වේ. විශේෂයෙන්ම බී කාණ්ඩයේ විටමින් වර්ග, යකඩ, මැග්නීසියම්, protein, omega-3, සින්ක් වැනි දෑ මේ සඳහා අත්‍යවශ්‍ය වේ. තවද රාත්‍රී නින්දට යෑමේදී දෑත් සහ දෙපා හොඳින් පිරිසිදු කර දෑතට සහ දෙපයට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කර සම්බාහනය කර ගැනීම තුළින් ද ඔබට වඩාත් සුන්දර නිරෝගිමත් නියපෙලක් ලබා ගැනීමට හැකිවනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

982 Views

Comments

arrow-up