මානසික ආතතියේ පූර්ව රෝග ලක්ෂණ

වර්තමාන සමාජයේ මිනිසුන්ට මානසික ආතතිය කියන්නේ අලුත් රෝගී තත්ත්වයක් නම් නෙමෙයි. මොකද ඕනම කෙනෙකුට ඕනෑම මොහොතක ඒ වගේ තත්ත්ව වලට මුහුණ දෙන්න පුළුවන්. අද ලෝකයේ වැඩි දෙනෙක් ඒ වගේ මානසික ආතතියෙන් පෙළෙනවා. නමුත් මේ මානසික ආතති කලින්ම හදුනා ගන්න පුළුවන් නම් ඊට ප්‍රතිකාර යෙදීම ඉතාම පහසු වෙනවා. ඒ වෙනුවෙන් එහි ලක්ෂණ කලින් අඳුරගන්න පුළුවන්. මේ ඒ වගේ ලක්ෂණ කිහිපයක්.
සිරුරේ බර වෙනස් වෙනවා
සාමාන්‍යයෙන් මානසික ආතතියෙන් පෙළෙන කෙනෙකුගේ බර එකවර අඩුවෙන්න හෝ වැඩිවෙන්න පුළුවන්. මීට හේතුව වෙන්නේ මානසික ආතතියෙන් පෙළෙන විට ඔබේ සිරුරෙන් ශ්‍රාවය වන කෝටිසෝල් හෝර්මෝනය සිරුරේ ග්ලූකෝස් මට්ටම වෙනස් කරනවා. ඒ වගේම මානසික ආතතියෙන් පෙළෙන සමහරු ආහාර ගැනීම අඩු කරන කොට තවත් සමහරු ඕනවට වඩා ආහාර ගන්න පෙළඹෙනවා. එවැනි අවස්ථාවක සිරුරේ බර තිබුණු ප්‍රමාණයට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.
නිතරම හැදෙන හිසරදය
ඉදහිට හිසරදය හැදෙන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් දවස පුරා ඔබ හිසරදයකින් පීඩා විඳිනවා නම් එය අසාමාන්‍යයි. ඇතැම් විට දින ගණනාවක් පුරාවට හිසරදය ඇතිවේ නම් හොඉ සුව වෙමින් නැවත ඇතිවෙමින් යන තත්වය ඇති වන්නේ මානසික පීඩනයක් ඇති උනාම. ඇතැම් විට මෙය මානසික පීඩනය වැඩි වූ විට වැළඳෙන මිග්‍රේන් රෝගයේ ලක්ෂණ වෙන්නත් පුළුවන්. එය ශරීරය රසායනික බලපෑමෙන් ඔබේ මස්තිෂ්කයේ ස්නායු හා රුධිර වාහිනී වලට බලපෑම් ඇති කරනවා. මේ නිසා තදබල හිසේ කැක්කුම ඇතිවෙනවා.
නිතරම රෝගී වීම
මානසික පීඩනය වැඩි වුණාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා රෝග බීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හීන වෙනවා. ඒ වගේ අවස්ථාවන් වලදී ඉතාම පහසුවෙන් කැස්ස උණ හෙම්බිරිස්සාව වැනි වෛරස රෝග වැලඳෙන්න පුළුවන්. ඒවා කල් ගත වන තුරුම රෝග සුව නොවී තියෙන්නත් පුළුවන්.
කුසේ දැවිල්ල
බොහෝ දෙනෙකුට මේ වගේ අවස්ථාවන් හදුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග ලෙස. නමුත් සැබෑවටම මේ තත්වයට හේතු වෙන්නේ අධික මානසික පීඩනය. මානසික පීඩනය වැඩි නම් සිරුර නිපදවා අම්ලමය රසායනික ද්‍රව්‍ය වැඩි වෙනවා. එවැනි අවස්ථාවකදී සිරුරේ අම්ල තත්ත්වය පාලනය කර ගන්න බෙහෙත් ලබා ගැනීමත් මානසික සුවතාවය වැදගත් වෙනවා. ඇතැම් ආහාර ද්‍රව්‍ය ද මීට බලපානවා.
මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් ඔබත් මානසික ආතතියෙන් පෙළෙන බව වටහා ගන්න
by Dilki Shamani
Photo Source: Internet
721 Views
Comments