හෘදය රැකගෙන කොලෙස්ටරෝල් නසන උදු

ඉන්දියානු ක්‍රමයට ආහාර ගන්නා පුද්ගලයන් වැඩි වශයෙන් ඔවුන්ගේ ආහාර වේල වලට යොදා ගන්නා උදු prebiotic ගුණ ඇති ආහාර වර්ගයකි.උඳු වල ඇමයිලෝස් පිෂ්ටය අඩංගු ය . මේ නිසා ශරීරයට හිතකර ක්ෂුද්‍ර ජීවීන් වන Bacteroides වර්ධනය වේ.මේ නිසා නිපදවෙන කෙටි දාම මේද අම්ල ශරීරය ආරක්ෂා කරයි.
උඳු ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන පෝෂදායි ආහාරයකි. ඉට්ලි සහ උලුඳු වඩේ වැනි ආහාර සාදන්නේ ද උදු පිටි වලින්ය. උදු වල අධික වශයෙන් පිෂ්ටය අඩංගුය .එසේම උඳු වල අඩංගු තයමින්, රයිබොපෆ්ලෙවින් සහ නයැසින් ප්‍රමාණය වැඩියි අතර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වන Arginine ,Lysine,Leucine ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගුය .
උදු ග්‍රෑම් 100ක අඩංගු පෝෂණය පිළිබඳ කතා කළොත් ඔබට මේ පිලිබඳව තවත් නිසැකවම පැහැදිලි වනු ඇත.
ශක්තිය කැලරි 347
මේදය ග්‍රෑම් 1.4
කැල්සියම් මිලිග්‍රෑම් 154
යකඩ මිලිග්‍රෑම් 9.1
රයිබොෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 200
සින්ක්
සෙලිනියම්
ප්‍රෝටීන් ග්‍රෑම් 24
කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 59.6
පොස්පරස් මිලි ග්‍රෑම් 385
තයිමින් මයික්‍රොග්‍රෑම් 420
නියැසීන් මිලි ග්‍රෑම් 2.0
කොපර
උඳු වල ඇති ඖෂධීය ගුණ සැලකුවොත් ,
1)Antioxidant activity :උඳු වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඇත .
2)Antibacterial activity උදු වල බැක්ටීරියා නාශක ගුණය වැඩි කරයි.
3)Anticancer activity:උඳු පිළිකා වළක්වයි .මෙම පිලිකා වැලැක්වීමේ ගුණ ඇති නිසා විශේෂයෙන් අග්න්‍යාෂය ආශ්‍රිත පිළිකා වැළකේ.
4)Antidiabetic activity: උඳු දියවැඩියාව ඇතිවීම වළක්වයි .මෙයට හේතුව වන්නේ වල අඩංගු තන්තු සහිත ස්වභාවයයි.
5)Anticholesterol activity :උඳු LDL කොලෙස්ටරෝල් අඩු කරයි .
6)Cardioprotective activity :උඳු වල හෘදය වස්තුව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත.
7)Hepatoprotective and Nephro protective activity :උඳු වල අක්මාව සහ වකුගඩු ආරක්ෂා කිරීමේ හැකියාව ඇත
8)Neuroprotective activity:උඳු ස්නායු පද්ධතිය ආරක්ෂා කරයි.
9)Immunomodulating activity :උඳු ප්‍රතිශක්තිය වැඩි කරයි.
උඳු ඖෂධයක් ලෙස ලිංගික අප්‍රාණිකත්වයට භාවිතා කරන බැවින් උදු වල ඇති ප්‍රජනන ශක්තිය වැඩි කිරීමේ හැකියාව මගින් උදු ලිංගික දුර්වලතා අඩු කිරීමේ ප්‍රතිකාර වලට ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල යොදා ගනී .එසේම උදු වල වේදනා නාශක ගුණය ඉතා වැඩි නිසා වාත රෝගවලදී තම්බා බීමට පැරැන්නෝ පුරුදු වී සිටියා.අර්ශස් ,කැස්ස, අක්මාගත රෝග වලට ඖෂධයක් ලෙස යොදා ගන්නා උදු විශේෂයෙන් ශරීරය මහත් කරවන මේදය අඩංගු නිසා උඳු ආහාරයට ගනී.ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට උදු වටිනා බෙහෙතකි.
එබැවින් ඔබත් ඔබේ ආහාර වේලට උදු අඩංගුව ආහාර ද යොදා ගැනීමෙන් ඔබගේ සෞඛ්‍ය මට්ටම වඩා යහපත් මට්ටමට ගැනීමට උත්සුක වන්න.
by Dilki Shamani
Photo Source: Internet
3777 Views
Comments