ආඝාත අවදානම වැඩි කරන සාධක පිළිබඳව ඔබ දැනුවත්ද

පසුගිය වර්ෂයේ ආඝාත අවදානම තිබුණේ පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි. නමුත් මේ වසරේ ආඝාත අවදානම හතර දෙනෙක්ගෙන් එක් අයෙකුට තරමට වැඩි වී ඇත. මෙම අවදානමට වයස් බේදයක් බලපාන්නේ නැත. ආඝාතයට ගොදුරු වන රෝගීන්ගෙන් සියයට හයක්ම ක්ෂණිකවම මරණයට පත් වන බව ඔබ දන්නවාද. ආඝාතය ඇති වීමේ අවදානමක් ඇති අය අප අතර සිටී. එම නිසාවෙන් එම අවදානම් සාධක පිළිබඳව ඔබ ලබන දැනුවත්භාවය ඉතාමත් වැදගත්.
අධික රුධිර පීඩනය නිහඬ මාරයකු මෙනි. නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය 120/80 ආසන්න ගණනක් වේ. එය 410/90 වේ නම් අධික රුධිර පීඩනයකි. අධික රුධිර පීඩනය දිගින් දිගටම පවතින විට රුධිර නාල බිත්ති දුර්වල වේ. එමෙන්ම නාල බිත්ති වලට හානි සිදුවන අතර ආඝාත තත්ත්වයට මග පාදනු ලබයි. එම නිසාවෙන් වයස තිහෙන් පසුව සිට ම රුධිර පීඩනය මැන බැලීම ඉතාමත් වැදගත්. අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා නම් වෛද්‍යවරයා නිර්දේශ කළ ඔසු නියම ආකාරයෙන් ලබා ගැනීමට වගබලා ගත යුතුයි. තවද හෘද නහර බිත්තිවල ප්‍රදාහයද ආඝාතයට ප්‍රධාන හේතුවක්. මෙම තත්ත්වයකදී හෘද නාල බිත්ති ඝන වීමක් සිදුවේ. නිරෝගී හෘද නාල මෘදු වන අතර පහසුවෙන් නැවෙන සුළුයි. ඒවා තුළින් හොඳින් රුධිරය ගමන් කරයි. ප්‍රදාහයට පත් නහර දැඩි වන අතර නැවෙන සුලු බව අඩුයි. අහිතකර කොලෙස්ටරෝල් බැඳීම් එම නහර පටු වන අතර කොලෙස්ටරෝල් බදාම රුධිර කැටි ඇතිවීමට හේතුවක්. රුධිර කැටි වලින් නහර අවහිර වීමෙන් හෝ රුධිර කැටි පුපුරා යාමෙන් මොළයේ අදාළ පෙදෙසට රුධිර නොලැබී යාමෙන් ඒ ආශ්‍රිත කොටස මියයයි. නිවැරැදි ජීවන රටාවකට යොමුවීම, රුධිර කැටි ඇතිවීම වැළැක්වීමට වෛද්‍ය නිර්දේශ මත ඇස්පිරින් වැනි ඖෂධ ගැනීම, අධික රුධිර පීඩනය වළක්වන ඖෂධ ගැනීම යන ආදිය සිදුකළ යුතුයි.
එමෙන්ම බෙල්ලේ නහර ඝන වීම ද ආඝාත අවදානම ඉහළ නංවන කාරණාවක්. පුද්ගලයකුගේ මොළයට රුධිර සැපයීමේදී බෙල්ලේ නහර වලින් වැදගත් මෙහෙයක් සිදුවන බව ඔබ දන්නවාද. එම නහර ගණ වුනොත් සහ පටු වුනොත් ඖෂධ මඟින්, සැත්කමක් මගින්, නහර අවහිරතා ඉවත් කිරීම මගින් වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරයි. තවද දුම්පානය තුළින්ද පුද්ගලයන්ට වැළඳිය හැකි ආඝාත අවදානම දෙගුණයකින් සිව් ගුණයකින් යනාදී වැඩි වශයෙන් ඉහළ යා හැකියි. දුම්වැටි තුළ අඩංගු නිකොටීන්, කාබන් මොනොක්සයිඩ් වැනි රසායන ද්‍රව්‍ය රුධිරනාල පටු කරයි. රුධිර කැටි සෑදීමේ ඉඩ එමගින් වැඩිවන අතර රුධිර ඝන වී නහර අතරින් ගමන් කිරීමට ද අසීරු වෙයි.
දියවැඩියාවෙන් පීඩාවිඳින කෙනෙකු ආඝාතයට ගොදුරු වීමේ ඉඩ දෙගුණයකින් ඉහළ යන බව ඔබ දන්නවාද. රුධිරයේ සීනි මට්ටම වැඩි අයගේ රුධිර නාල පටු වන අතර එම නිසාවෙන් දියවැඩියාව පාලනය කරගැනීම ඉතාමත් වැදගත්. මෙහිදී ඔබ විසින් විශේෂයෙන්ම අවධාරණය කරගත යුතු වන්නේ වැඩි දෙනෙකු ආඝාතයට ගොදුරු වන්නේ ඇත්තටම වැහි නැති හෙණ පාත් වන ආකාරයට බවයි. පූර්ව ආඝාත ලක්ෂණ ඇති වීමෙන් හටගන්නා තත්ත්වය පුංචි ආඝාතය යනුවෙන් වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වයි. මෙම රෝගය කෙතරම් බරපතළ වුවත් ආඝාත තත්වයන්ගෙන් සියයට අනුවක්ම වළක්වා ගත හැකි මට්ටමේ පවතින ඒවා ලෙසින්ද හඳුනාගත හැකියි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
818 Views
Comments