පිරිමියෙක් කාන්තාවක් දුටුවිට මුලින්ම බලන්නේ මෙන්න මේ දේවල් දිහා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

පිරිමියෙක් කාන්තාවක් දුටුවිට මුලින්ම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

පිරිමියෙක් කාන්තාවක් දුටුවිට මුලින්ම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

පිරිමින්ගේ වැඩ ගැහැණුන්ගෙ වැඩ වගේ නෙවෙයි, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා වගේම බලන දේත් අනිවාර්යයෙන්ම බලනවා. කරන්න හිතෙන දේ හොඳ හෝ නරක වුනත් හරි කරලා දානවමයි. ගැහැණු වගේ වහෙන් ඔරෝ වැඩ කතා පිරිමින්ගේ නැහැ. මේ ගතිගුණ බොහෝ පිරිමින්ගේ තියෙනවා වුනාට, එහෙම නැති පිරිමිත් ඉන්නවා කියලා මතක් කරනවා.

එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ විදිහේ පිරිමි මුණ ගැහෙනවා. පිරිමියෙක් ගැහැණු කෙනෙකු දුටු විගස ඉස්සෙල්ලාම බලන්නේ මොනවා දිහාද? ඒකට උත්තරයක් දෙන්න පුළුවන් ද? පිරිමියෙක් ගේ ආකර්ෂණය ඉස්සෙලම දිනාගන්න ගැහැණියකගේ අවයව මොනවාද? ඔබට එක එක දේවල් හිතෙනවා ඇති

ඒත් පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා. බලන්න ඔබේ පිළිතුරු නිවැරැදිද කියා.

- සිනහව

හිතාගන්න අමාරුයි නේද? හැබැයි ගැහැණියකගේ ලස්සන හිනාවට තමයි මුලින්ම පිරිමියෙක්ගේ හිත යන්නේ. අවංක ලස්සන සිනහවකට පිරිමින් විශේෂ කැමැත්තක් දක්කවනේ එවැනි ගැහැණු එක්ක ඉතා ඉක්මනින් හිතවත්කමක් ඇති කරගැනීමට එය ඔවුන්ට ශක්ති ජනකයක් විදිහට කටයුතු කරන නිසා. ඉතින් හැම විටම අවංකව හිනා වෙන්න කව්ද දන්නේ, ඔබේ ඒ ලස්සන සිනහවට පිස්සු වැටෙන පිරිමියකු කොයි මොහොතක හෝ ඔබගේ ඉදිරියට එයි ද කියලා.

- ඇස්

කෙනෙක්ගේ ආත්මය කියාපාන කැඩපත ඔහුගේ හෝ ඇයගේ ඇස් දෙක කියලා කතාවක් තියෙනවානේ. ඉතින් 70%ක් ම පිරිමින්ගේ මුල්ම ආකර්ෂණයට ලක් වෙන්නේ ගැහැණුන් ගේ ඇස් දෙක ලු. ලස්සන ගැහැණු ඇස් වලට පිරිමි කැමති නිසාම ඇස් විරුද්ධ ලිංගිකයන් එකිනෙකාට ආකර්ෂණය කරන කාන්දම් වගේ ලු.

 


- කොණ්ඩය

සැලෝන් එකට ගිහින් පැය ගානක් නාස්ති කරන එක අපතේ යන්නේ යන්නේ නෑ. ලස්සන නිරෝගී පෙනුමැති දිගු හිසකෙස් වලට පිරිමි හරිම කැමතියි. කාන්තාවකගේ හිසකෙස් වල පිළිවෙල ලස්සනට ඔවුන් මුලින්ම ආකර්ෂණය වෙනවලු. ඒ සෞඛ්‍ය සම්පන්න බවත් තරුණ බවත් එමගින් නිරුපනය වෙනවා කියලා ඔවුන් හිතන නිසා.

- සම

පැහැපත් නිරෝගී සමක් දිහා මුලින්ම පිරිමි බලනවා ලු. ඉතින් සම නිරෝගිව සුමුදුව තියාගන්න මහන්සි වෙන එක හොඳයි.

- ශරීරයේ බර

හිතා ගන්න බැරි වුනත් පිරිමි කාන්තාවක් දැක්ක ගමන්ම ඇගේ ශරීර බර ගැනත් සැලකිල්ලක් දක්වනවා. පිරිමි බොහොමයක් වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිපුන් ශරීර හිමි ගැහැනුන්ට ලු.

- ලැම

මොන පිරිමියා වුනත් මුලින්ම බලන්නේ කාන්තාවන්ගේ ලැම දිහා කියලා කතාවක් තිබුනට ඒ ඇත්ත නෙමෙයි. පිරිමියෙක් ගැහැණියෙක් ගේ ලැම දිහා බලන්නේ ඇගේ සිනහව, ඇස් දිහා බැලීමෙන් අනතුරුවලු. තරුණ බවත් ජනක ශක්තියත් නිරුපනය කරන නිසාලු ගැහැණු ලැම ඔය තරම්ම පිරිමින් ආකර්ෂණය කරන්නේ. නමුත් ඉතින් එක එක්කෙනාගේ රුචිකත්වය එකිනෙකාට වෙනස් කියලත් කතාවක් තියෙනවනේ.

- ඇඳුම් පැළදුම්

ගැහැණු අඳින පළදින විදිහත් මුලින්ම පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්නවා. ඕනෙම දේක රහස් තනියම හෙළි කරගන්න පිරිමි කැමතියි. ඒ නිසාම නිරාවරණය වුණු ඇඳුම් වලට වඩා ශරීරය නිවැරදිව ආවරණය වන විදිහට විලාසිතා කරන ගැහැනුන්ට පිරිමි විශේෂයෙන් කැමතියිලු.

 


- කෘත්‍රීම බව

ඔබ කොයි තරම් කෘත්‍රිම ද කියලා පිරිමින් ඉක්මනින්ම තේරුම් ගන්නවා. අද කාලේ බොහොමයක් දෙනා කෘත්‍රිම ඇස් පිහාටු, නියපොතු වගේ දේවල් පාවිච්චි කරනවා ලස්සන වැඩි කර ගන්න. ගැහැණුන්ගේ කෘත්‍රිම ලස්සන කියන්නේ පිරිමින්ට විය හියදම් වැඩි ගැහැනියක් කියන එක. ඒක නිසාම පිරිමි වැඩියෙන් කැමති ස්වභාවික ලස්සන ඇති ගැහැනුන්ට.

- පාද

දිග, නිරෝගී පෙනුම ඇති ගැහැණු පාද දිහා පිරිමි මුලින්ම බලනවලු. ඒ වගේම ශක්තිමත් උකුලක් හිමි ගැහැණු වෙතත් පිරිමින්ගේ ඇස් යනවා. එයත් වැඩි ජනක ශක්තියත් නිරුපනය කරනවලු.

මේ කරුණු කාරණා කොහොම වුවත් කලින් සඳහන් කළා වගේ බහුතරයක් පිරිමි කැමත්ත එහෙම වුණාට එක එක්කෙනාගේ රුචිකත්වය වෙනස් වෙනවා.

 

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1619 Views

Comments

arrow-up