ආලින්දය හැඩ කරන සුන්දර පියොනි මල්

රෝස රතු දම් සුදු ආදී වර්ණ රැසකින් පිපී හිනැහෙන piyoni සැබැවින්ම සුන්දර මලකි. රෝස මලට බෙහෙවින්ම සමාන සුන්දරත්වයක් සහිත මෙම මල් විශේෂය වඩාත් ආකර්ෂණීයයි. සුන්දර පියොනි මලකට creep කඩදාසියෙන් ජීවයක් ලබාදෙන ආකාරය පිළිබඳව පහතින් දැනුවත් වෙමු. ඔබගේ නිවසේ ආලින්දය හැඩ කර ගැනීමට මෙම මල් පිරුණු භාජනයක් ඉතාමත් හොඳින් ගැළපේවි.
පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය-
රෝස, තද දම්, මෙරුන්, නිල්, කහ, කොල වර්ණ double side ක්‍රේප් කඩදාසි
කතුර
hot glue gun
sponch
පින්සල්
wire cutter එකක්
වෙළඳපොළෙන් ගන්නා මල් රේණු
සෘජුෆෝම් රවුම් කොටසක්
ගෙජ් 18 කොළපාට කම්බි
කොලපාට floral tape
පිළියෙල කරගන්නා ආකාරය-
මෙම මල් මෙහි දැක්වෙන වර්ණ වලින් මෙන්ම ඔබ කැමති වෙනත් වර්ණ වලින් ද සකසා ගත හැකියි. මුලින්ම අවශ්‍ය ලෙස විශාල කර පතරොම් සකසා ගන්න. මෙහිදී විවිධ හැඩයන්ට සැකසූ මල් තනා ගනු ලැබේ. ලොකු පැත්තෙන් පෙති දහයක්, කුඩා පෙත්තෙන් පෙති තිහක්, මනිපත්‍ර කොටස් පහක්, ලොකු කොළ සඳහා කොටස් දෙකක්, මල් මැද සඳහා රවුම් කොටසක් සහ තීරු සහිත කොටසින් කොටසක් කපා ගන්න. දැන් සෘජුෆෝම් වලින් කපාගත් රවුම මැදින් කුඩා සිදුරක් සාදන්න. කහ පාට දැති සහිත තීරුව ගෙන එහි තීරු අතින් අඹරවා ගන්න. දැන් කම්බි කොටස ගෙන එහි මුදුනින් මල් රේණු තබා gum tape කරගන්න. ඒ වටා කහපාට රේණු තීරුව අලවන්න.
දැන් කපාගත් පෙති ගෙන diary කවරක් මත තබා sponch එකෙන් හෝ ඇඟිල්ලෙන් බිත්ති මැද සිට පිටතට විහිදෙන ලෙස හැඩ කරගන්න. සියලු පෙති ඒ ආකාරයෙන් සකසා ගන්න. සෘජුෆෝම් කොටස ගෙන කපා ගත් රතු ක්‍රේප් රවුමේ ගම් ගා එය ආවරණය කර ගන්න. මල් රේණු සහිත කම්බි කොටස ගෙන එහි මැදින් යවාගන්න. සකසාගත් කුඩාම පෙති පළමුව එහි වටේට අලවන්න. ඉන්පසු ලොකු පෙති අලවන්න. අවසන් වශයෙන් මනිපත්‍ර අලවා ගන්න.
දැන් කොළය සාදන ආකාරය බලමු. කොළ කොටසක් ගන්න. එහි මැද දාරයේ ගම් ගා ගන්න. ඒ මත කම්බි කොටස තබන්න. නැවත hot glue gun ගා අනෙක් කොළ කොටස තබන්න. මෙහිදී කොළ කොටස් දෙක අතරට කම්බි කොටස සම්බන්ධ වේ. කම්බි කොටස පිටතට පෙනෙන්නේ නැත. දැන් පළමුව සාදාගත් මල ගන්න. එහි මනිපත්‍ර ඇලවූ පසු එය වටා පහලින් ගම් ටේප් අලවන්න. දැන් මලක් සාදා අවසන්. මේ ආකාරයට ඔබට අවශ්‍ය ප්‍රමාණයක් මල් සකසා ගත හැකියි. දැන් මල් සහ කොළ දමා මල් බඳුන සරසා ගන්න.
නිවෙස හැඩ කර ගන්නට මෙන්ම උත්සව අවස්ථා අලංකාරයට ද මෙවැනි මල් මගින් කළ හැකි දේ බොහෝමයි. මෙය දූ දරුවන්ටත් දෑත හුරු කරගන්න හොඳම කලාවක්.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1215 Views
Comments