සුවබර දිවියක් උදෙසා ව්‍යායාම, ක්‍රීඩාව සහ පෝෂණය

මනා සෞඛ්‍යය සඳහා හොඳ ආහාර මෙන්ම ව්‍යායාමද අත්‍යාවශ්‍ය වේ. ව්‍යායාමය ක්‍රීඩාවක් ලෙස, ඩාන්ස් කිරීම හෙවත් නැටීම වැනි විනෝදාංශයක් ලෙස හෝ ගෙවතු වගාව සහ මල් වගාව වැනි ප්‍රයෝජනවත් දෙයක් හෝ කිරීම මගින් ද ලබාගත හැකියි. එදිනෙදා ඇඟ මහන්සි වී වැඩ කරන කම්කරුවන්ට අමතර ව්‍යායාම අවශ්‍ය නොවේ. ව්‍යායාම මගින් ශරීරයේ බර පාලනය කරගත හැකියි. එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනය වේ. රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් එනම් LDC අඩු වී හොඳ කොලෙස්ටරෝල් එනම් HDL වැඩිවේ. ව්‍යායාම මගින් හෘදය පෙනහලු අස්ථි සහ සන්ධි වඩාත් සෞඛ්‍ය සම්පන්න වේ. ඔස්ටියෝපොරෝසිස් හෙවත් ඇට දිරායාම වළක්වයි. රුධිරවාහිනී හිරවීම වැළකෙන නිසා හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ද අඩු කරයි. ව්‍යායාම නිසා සිතටත් ගතටත් සුවයක් ලැබෙන අතර සුව නින්දක් ද ළඟා කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
ව්‍යායාම නිසා සිරුරේ වැඩිපුර තැන්පත් වී ඇති තෙල් දිය වී නැවත පේශි වල තැන්පත් වීම නිසා පේශී වර්ධනය සිදුවේ. එවිට ශරීරයේ ස්ථූලභාවය නැතිවී ශක්තිමත් අයෝමය ගතියක් ඇති වේ. ව්‍යායාමය ඵලදායි වෙන්නට නම් අඩු තරමින් පැය භාගයක් බැගින් සතියකට දින තුනක්වත් කළ යුතුමයි. හොඳින් හුස්ම ගනිමින් කරනු ලබන ව්‍යායාමය සවායුක ව්‍යායාමය ලෙසත්, හුස්ම තද කර ගනිමින් කරනු ලබන බර එසවීම කෙටි දුර දිවීම වැනි ව්‍යායාම නිර්වායුක ව්‍යායාම ලෙසත් හඳුන්වනු ලබයි. ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන්නේ සවායුක ව්‍යායාම බව ඔබ දන්නවාද. හැල්මේ දිවීම, පඩිපෙළ නැගීම, නැටීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන්, වොලිබෝල්, table tennis සහ ටෙනිස් ගැසීම විනෝදයට පා ගමන් යාම සහ පිහිනීම සවායුක ව්‍යායාම සඳහා උදාහරණ කීපයකි.
ව්‍යායාම කිරීමේදී උපදෙස් කිහිපයක් අනුගමනය කරමින් ව්‍යායාම වල නිරතවීම වඩාත් ප්‍රායෝගික බව ඔබ දන්නවාද. ඔබ කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක් නම් කලයුතු ව්‍යායාමය පිළිබඳ ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත්. තවද ව්‍යායාමය කරන වේගය සහ කාලය දිනෙන් දින ක්‍රමයෙන් වැඩි කළ යුතුයි. තවද ශරීරයේ ශක්තිය සම්පූර්ණයෙන් නැති වී යන තුරු අධික ලෙස ව්‍යායාම කිරීමෙන් වැලකිය යුතු අතර ආහාර වේලක් ගත් විගසම ව්‍යායාම නොකළ යුතුයි. තවද ව්‍යායාම කරන විට දී නිවැරදි සහ ඊට ගැලපෙන පාවහන් යුගලක් පැළඳීමද අත්‍යවශ්‍ය කාරණයකි. ව්‍යායාම කරන විට දී ඔබගේ ශරීරයේ බර වැඩි වෙනවා නම් ඔබගේ ව්‍යායාමය ප්‍රමාණවත් නොවේ. එවිට ඔබ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කළ යුතුයි. ව්‍යායාම කරන විට ඔබගේ බර සම්මත ප්‍රමාණයට වඩා අඩු වේ නම් වැඩිපුර කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර අනුභව කළ යුතු වේ.
වයායාමය, ක්‍රීඩාව සහ පෝෂණය යන තුනම එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලීන් කීපයකි. සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් උදෙසා මෙම තුනම අත්‍යවශ්‍ය වේ. එම නිසාවෙන් ඔබත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක හිමිකරුවෙක් හිමිකාරියක් වීමට සිහින දකිනවානම් නිරන්තරයෙන්ම මෙම කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතුමයි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
900 Views
Comments