රටවල් ගණනාවක විශ්වාස කරන ඇඳුම් විශ්වාස

ඔබ දිනකට ඇඳුම් පැළඳුම් කිහිපයක් භාවිතා කරනවා ඇති. නිවසට, කාර්යාලයට, සාප්පු සංකීර්ණයට, සිනමා ශාලාවට යනාදියට යෑමේ දී ඔබ විසින් විවිධ මෝස්තර වලින් යුත් ඇඳුම් පැළඳුම් භාවිතා කිරීමට පුරුදු වී සිටියි. ඔබ දිනකට කිහිප වරක් භාවිතා කරන මෙම ඇඳුම් පැළඳුම් පිළිබඳව යම් යම් විශ්වාස පවතින බව ඔබ දැන සිටියාද. clothing superstitions යනුවෙන් එම විශ්වාස හඳුන්වයි. චීනය, අප්‍රිකාව, ඇමරිකාව සහ යුරෝපය වැනි රටවල් වල මෙම විශ්වාස බහුලව දක්නට ලැබෙනු ඇත. එවැනි ඇඳුම් විශ්වාස කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම.
චීන ජාතිකයන් විසින් නිර්මාණය කරන ලද ඔවුන්ගේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව මේ ගෙවී යන්නේ මීයාගේ වර්ෂයයි. එබැවින් මෙම වසරේ දී තැඹිලි කොළ වැනි දීප්තිමත් වර්ණ ඇඳීම අවාසනාව ගෙන දෙන බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙම වසරේ දී වාසනාව ළඟා කරගැනීමට නම් සුදු, ලා නිල්, අළු සහ ළා කහ වැනි වර්ණ වලින් යුත් ඇඳුම් පැළඳුම් භාවිතා කළ යුතු බව ද ඔවුන්ගේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව පවසා ඇත. තවද චීන ජාතිකයන්ට අනුව නිල්පැහැය අහස සහ දිව්‍ය ලෝකය සංකේතවත් කරන අතර එම වර්ණය ඕනෑම වැදගත් අවස්ථාවක දී පැළඳීම සුබදායක බව විශ්වාස කෙරේ. තවත් ප්‍රසිද්ධ ආසියානු විශ්වාසයකි ඔබගේ හෑන්ඩ් බෑග් එක තබන ස්ථානය. ඔබ කාර්යාලයට ගිය විට ඔබේ හෑන්ඩ් බෑග් එක තබන්නේ කොහෙද. ඔබ ඔබගේ හෑන්ඩ් බෑගය මේසයක් උඩ තබනවා නම් ඉන් ගැටලුවක් නොවන අතර එය මේසය යට තබයි නම් ඔබට කිසිදා ආර්ථික දියුණුවක් ළඟාකරගත නොහැකි බවට විශ්වාසයක් පවතී. එමගින් ධන හානි ඇති කරවයි. ඔබ නිවසේ දී වුවත් ඔබගේ handbag එක උඩකින් එල්ලා තැබීම ඔබට ධන වාසනාව ගෙන එන්නක් බව විශ්වාස කෙරේ. යුරෝපීය ජාතිකයන් අතර පවතින තවත් එක් ඇඳුම් විශ්වාසයකි polka dots සහිත ඇඳුම් සෞභාග්‍යය සහ ආකර්ෂණය ඇති කරවන බව. එම විලාසිතාව තුල ඇති කුඩා රවුම් සල්ලි ගලා ඒමේ සංකේතයක් පෙන්නුම් කරන බවද ඔවුන්ගේ විශ්වාසයයි. මෙහිදී ස්ත්‍රී පාර්ශවයට polka dots සහිත ගවුම්, blouse, skirts යනාදී මෝස්තරවලට යාමට හැකියාවක් පවතින අතර පිරිමි පාර්ශවයට එම ඩොට් සහිත ටයි පටි යනාදිය භාවිතා කිරීමට පුළුවනි. තවද ඇඳුම් විශ්වාස අතරින් ඔබගේ සපත්තු වලට ද හිමි වන්නේ වැදගත් ස්ථානයක්. සපත්තු කුට්ටම් පිළිවෙළට එක ස්ථානයක රැස් කර තැබීම ජීවිතයට සමබරතාවය ගෙන දෙන බව චීන ජාතිකයන් විශ්වාස කරයි. එමෙන්ම එක සපත්තුවක අඩිය අනිත් සපත්තුවේ ස්පර්ශ වන ලෙස තැබීමෙන් අනාගත සහකරු ඉක්මනින් සොයා ගත හැකි බවද ඔවුන් තවදුරටත් විශ්වාස කරනු ලැබේ.
මෙවැනි clothing superstitions ගණනාවක් ම ලොව පුරා විවිධ රටවල් වල අසන්නට දකින්නට ලැබෙයි. නමුත් ඇත්තෙන්ම මේවායේ කිසියම් හෝ ඇත්තක් පවතිනවා ද යන්න තවමත් විවාද මට්ටමින් පවතින්නකි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
503 Views
Comments