දියවැඩියා රෝගීන්ගේ දෙපා වලට අවදානම වැඩී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
16

දියවැඩියා රෝගීන්ගේ දෙපා වලට අවදානම වැඩී

දියවැඩියා රෝගීන්ගේ දෙපා වලට අවදානම වැඩී

පාලනය නොකළ දියවැඩියා රෝගියෙකුට දෙපා වල තුවාලයක් වැළඳුණු විට කොතරම් බෙහෙත් කළත් ප්‍රතිජීවක දුන්නොත් එය සුව වෙන්නේ නැහැ. දියවැඩියා රෝගීන්ගේ දෙපාවලට විවිධාකාර රෝගාබාධ ඇති වෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ස්නායු නරක් උනාම පාද වලට කිසිවක් දැනෙන්නේ නැහැ

ස්නායු ආබාධ වලට ගොදුරු වූ දෙපාවලට රෝග ලක්ෂණ වන්නේ,
* නිතර දෙපා වල හිරි ගතිය දැවිල්ල.
*දෙපාවල ඇතිවන වේදනාව. මෙම වේදනාව රාත්‍රි නින්දේදි බෙහෙවින් වැඩිවෙනවා.
* දෙපාවල දහඩිය නොදැමීම.
* පාදවල සම පැහැදිලිව පෙනෙන ලෙස වියළීයාම.
* යටිපතුල සම්පූර්ණයෙන්ම ඌෂ්ණවී යටිපතුලට දැනෙන දේ නොදැනී යාම.
* පාද ඉදිමීම.
* ශිරා වඩා හොඳින් ඉලිප්පීම.
* කකුලට නාඩි හොඳින් දැනීම.
* පාද වල හැඩය වෙනස්වීම හා විකෘති වීම.
* යටිපතුලේ කරගැට හෝ ගල්තැලුම් හෝ වෙනත් ද්‍රව්‍ය ඇනී තිබීම.

මෙම රෝගය රක්තවාතය නම් එය රෝගයට ගොදුරුව සිටින අයට වඩාත් භයානකයි. ඊට හේතුව දෙපා පැලීම නිසා ඇතිවන තුවාල සුව නොවීම හා ඒවාට විෂබීජ ඇතුළු වී තත්ත්වය තවත් බරපතළ විය හැකි නිසා.

 



දෙපා වල රුධිර නාල ආබාධ වුනොත්

දෙපාවල රුධිර නාල වල ආබාධ වලට ගොදුරු වුවහොත් පහත රෝග ලක්ෂණ ඇති වෙනවා. *දෙපා නිතර අධික වේදනාවට පත් වෙනවා. *කෙන්ඩා පෙරළෙනවා
*පාද ඇඟිලි අග කෙළවර කළු පැහැ ගන්නවා
*කෙටි දුරක් ඇවිදීමේදී බත් කෙන්ඩ ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව.
*පාද සීතල වෙනවා.
* පාදවල තිබෙන රෝම හැලී යනවා.
* දෙපා වල මාංශ පේශී ක්ෂය වී දෙපා පෙනුමෙන් කෙට්ටු වෙනවා.
* පාදවල සමේ දිලිසෙන ස්වභාවය හා පැල්ලම් සහිත වෙනවා.
*නියපොතු හා ඇඟිලි අග තෙරපූ විට රතු පැහැ වීමට වැඩි කාලයක් ගත වෙනවා.
* නාඩි නොදැනීම හෝ ඉතා දුර්වලව පවතිනවා.
*ඇඟිලි එකක් හෝ කිහිපයක් ඉවත් කර තිබීම.

පාද අහිමි වීමේ වීමේ අනතුරු

මෙවැනි ගැටලු නොසලකා හැරීමෙන් හා රෝගය නිසි ලෙස පාලනය නොකිරීමෙන් කලකදී රෝගියාට පාදය අහිමි වීම වැනි ගැටලු ඇති වෙනවා. එම තත්ත්වයට වඩා වැඩි ප්‍රවණතාවක් දක්වන අය සිටිනවා. ඒ වඩා තරබාරු සිරුරක් හිමි රෝගීන්, රුධිරයේ සීනි මට්ටම පාලනය නොකර එය වඩ වඩාත් වැඩි තත්වයේ පවතින විට, පාවහන් නොපළදින විට, දුම් පානයට ඇබ්බැහිවූ දියවැඩියා රෝගීන්, මත්පැනට ඇබ්බැහි වූවන්.

මේ නිසා දියවැඩියා රෝගය පාලනයට උනන්දු වෙනවා මෙන්ම දෙපා ආරක්ෂා කරගැනීමට සිතට ගත යුතුයි. එහිදී විශේෂයෙන්ම නිරන්තර සිතා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා.
* නිතර දෙපා පිරිසිදුව තබා ගත යුතුයි. මේ සඳහා හොඳින් දෙපා සෝදා පවිත්‍රව තබාගැනීම යටිපතුල් ඇඟිලිකරු නිතර පරීක්ෂා කළ බැලීම සම වියළි නම් මොයිස්චරයිසින් භාවිතා කිරීම.
* තමුන්ට ගැලපෙන පාවහන් තෝරා ගත යුතු වීම
*නිවෙස ඇතුළතදී මෙන්ම පිටදී පාවහන් පැළඳීම.
* තම දෙපයට පහසු කැපීම් සීරීම් වලට භාජනය නොවන දෙපා වලට තද නැති මෘදු පාවහන් පැලදීම

මෙවැනි රෝගීන් විසින් සිදු කළ යුතු වෙනවා. ඒනිසා ඔබ හෝ ඔබේ පවුලේ හිතවතෙකු දියවැඩියා රෝගයට ගොදුරුව තිබේ නම් ඔවුන්ගේ දෙපා පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1415 Views

Comments

arrow-up