පොඩි ලෙඩ වලට ගෙදරදීම ප්‍රතිකාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

පොඩි ලෙඩ වලට ගෙදරදීම ප්‍රතිකාර

පොඩි ලෙඩ වලට ගෙදරදීම ප්‍රතිකාර

එදිනෙදා ඇතිවන පුංචි පුංචි අසනීප තත්වයන් වලට නිවසේදීම ප්‍රතිකාර කරගන්න පුළුවන්. මේ ඒ පිළිබඳ සටහනක්.

සැරව තුවාල වලට

ගොටුකොළ වල සැරව උපදවන විසබීජ විනාශ කිරීමේ ගුණයක් තියෙනවා. තුවාලයක් ඇති විට හෝ කුඩා වනයක් ඇතිවිට ගොටුකොළ පොඩිකර තුවාලයට තබා බඳින්න.

මලබද්ධයට හා බඩ වියලීමට

ලපටි රාබු අලයක් සුද්දකර අමුවෙන් කන්න. රාබු වල ඇති උණුසුම් ගුණය නිසා ආහාර පැසවීම යහපත් වීම හොඳින් මළ පිට වෙනවා. ආහාර රුචිය ඇති වෙනවා. රාබු කොළ මැල්ලුමත් ඉතාම හොඳ බෙහෙතක්.

 


සිරුරේ ලේ හිගකමට

විවිධ හේතු නිසා ශරීරයේ ලේ හිග වෙනවා. සමහර බියකරු රෝග වලදී ලේ හිගවෙනවා. මේ භයානක රෝග අවස්ථාවන්ට නොව සාමාන්‍ය ලේ හිග වන රෝගීන්ට පණුවන් ඇති විට කරවිල එළවළු ගුණදායකයි.

සෙම්ප්‍රතිශාව සෑදීගෙන එනවිට

උණු අළු පල්ලේ තබා ගත් දෙහි ගෙඩියක් මිරිකා ලබා ගත් ඉස්ම මේස හැඳි එකක් පමණ ගෙන මී පැණි තේ හැන්දක් සමග එකතු කර දවසට තුන්වරක් බොන්න දෙන්න.

අලුහම් සඳහා

වියළි කෙසෙල් පතුරු පුච්චා ගත් අළු තල තෙල් සමඟ මිශ්‍ර කොට ගන්න. යවකර ලුණු සහ ගෙන්දගම් එක පමණ ගෙන අඹරා අළුහම් ඇති තැන්වල ගාන්න. දුම්මල ඇත්තෝර ඇට විනාකිරි එකට අඹරා අළුහම් ඇති තැන්වල ගාන්න. පැය දෙකකට පසුව නාන්න. මෙය සතියකට දවස් තුනක්වත් කිරීමෙන් යහපත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

නිතර ඇතිවන නගන වලට

රතු ලූනු සියඹලා කොළ එක පමණ ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න.
කොහොඹ කොළ ජීවක රතු ලූනු දිළිඳු පත්‍ර එක පමණ ගෙන බැදගත් තෙලෙන් අඹරා ආලේප කරන්න.

කකුලේ පැලීම් ඇති විට

එළගිතෙල් ගාන්න. බැදගත් කළුතල ගිතෙලෙන් අඹරා ආලේප කරන්න. පිණ්ඩ තෛලය පිරිසිදු පුළුන් වල දවටා තබන්න. වැල්පෙනෙල මුල් පිටින් ගෙන ඇල් වතුරෙන් අඹරා ගෑමෙන් සුවයක් දැනෙනවා.

කුඩා දරුවන් නින්දෙන් ඇඳ තෙමෙන විට

දරුවන් නිදා ගැනීමට පෙර මී පැණි තේ හැන්දක් පොවන්න. නින්දට පෙර කුඩා කිතුල් හකුරු කැබැල්ලක් ඉරීමට දෙන්න.

හිසේ කැක්කුමට

දෙහි යුෂ ඔලිද කොල යුෂ සමග රත්කොට නළල දෙපස ගාන්න. අරළු නෙල්ලි ඉඟිනි ඇට සුදුහඳුන් සියඹලා දළු මුකුණුවැන්න කූරමල් කෝමාරිකා තැඹිලි වතුරෙන් අඹරා නළල දෙපස ගාන්න.

ඉදහිට ඇතිවන පුංචි අපහසුතා සඳහා නිවෙසේදීම මේ වගේ පිළියම් අත්හදා බලන්න.

 

 

by Dilki Shamani 

Photo Source: Internet

views

1210 Views

Comments

arrow-up