හේතුවක් නැතුවම ඔබේ කන් නෑසීයන්න පුළුවන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
18

හේතුවක් නැතුවම ඔබේ කන් නෑසීයන්න පුළුවන්

හේතුවක් නැතුවම ඔබේ කන් නෑසීයන්න පුළුවන්

බිහිරි බව කෙනෙකුට උපතින්ම හෝ ඉන් පසුව විවිධ රෝගාබාධ නිසා ඇති වෙන්න පුළුවන්. නමුත් බිහිරි බව උපතින්ම ඇත්නම් එය බොහෝවිට ළදරු වියේදී හඳුනාගන්න පුළුවන්. එහෙත් එක කනක ඇසීම අඩු බව හෝ සම්පූර්ණයෙන්ම නොඇසීම බොහෝ දෙනා හදුනා නොගෙන සිටින අවස්ථා තියෙනවා. දුරකථනය පාවිච්චි කරන විට එක කනක බිහිරි බව ඉක්මනින්ම හඳුනාගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය ජීවිතේදි එක කන ඇසීම අඩුකම එතරම් ආබාධිත තත්ත්වයක් නොවෙයි. එහෙත් සමහරුන්ට තමන්ගේ එක කනක ඇසීම අඩු බව එය සිදු වූ මොහොතේම දැනෙනවා. එමෙන්ම ඉතාම කලාතුරකින් කන් දෙකම නෑසීමේ තත්ත්වයට කෙනෙකු පත් වෙන්න පුළුවන්. එසේ වුනොත් එකවරම හඳුනා ගන්න පුළුවන්.

කෙනෙකුට හදිස්සියේ කන් දෙකම දෙකම නෑසී යාමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් තියෙනවා.

සන්නයන ගත හේතු

ඒ කියන්නේ පිට කන මැද කන සම්බන්ධ රෝග. මෙසේ වන්නේ කනේ කලාදුරු හිරවීමෙන් බාහිර ආසාදනය වීම නිසා අනතුරක් නිසා කන් බෙරය හා මැද කනට හානි සිදුවීමෙන්.

 

 

 


ස්නායු හේතු

ස්නායු ගත යුතු ඇති වන්නේ අභ්‍යන්තර කර්ණ ස්නායුව සම්බන්ධ හේතු නිසා අභ්‍යන්තර කනේ කර්ණ ශංඛ නම් කොටස ආසාදනය වීම නිසා. මෙසේ වන්නේ කනේ ආසාදන පැතිරී තිබීම නිසයි. වෛරස් ආසාදන නිසා කර්ණශංඛ නම් කොටසේ කේශ සෛල විනාශ වීම සිද්ධවෙනවා. ඇතැම් ඖෂධ වලටත් බිහිරි බව ඇතිවෙන්න පුළුවන්. එසේ වන්නේ ඖෂධ ගැනීමෙන් කේශ සෛල විනාශ වන නිසා. එය දිගටම නොකඩවා ගන්නා ඖෂධ වලට සිදුවෙන්න පුළුවන්. ස්නායු ගත ශ්‍රව්‍ය ආබාධ තියනවනම් පමා නොකර රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු වෙනවා. කර්ණ ස්නායුවේ ගෙඩි හට ගැනීමෙන් ද මෙවැනි ගැටලු ඇති වෙනවා. මොළය සම්බන්ධව රෝග වගේම සොයා ගත හැකි කිසිම හේතුවක් නොමැතිව ද මෙවැනි ගැටලු ඇතිවෙන්න පුළුවන්.

දියවැඩියාව අධික කොලෙස්ටරෝල් මට්ටම රුධිර පීඩනය වැනි රෝග දිගටම පැවතීම හා ඒවාට නිසි පාලනයක් නොකිරීම නිසාත් කනේ රුධිර සැපයුම අවහිර වී කන කේශ සෛල විනාශ වෙනවා. මෙවැනි රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. අද සමාජයේ එක කනක් පමණක් ඇසෙන අය බොහෝ සිටිනවා. එය එතරම් ආබාධිත තත්ත්වයක් නොවුණත් එක කනක් පමනක් ඇසීම එදිනෙදා ජීවිතයට එතරම් ගැටළුවක් ඇතිවන්නේ නැහැ. එවැනි අයට ගැටලු ඇති වන්නේ නිරෝගී කනේ කිසියම් ආබාධයක් ඇතිවුවහොත්. කොහොම නමුත් එවැනි අවස්ථාවක පමා නොකර උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

1086 Views

Comments

arrow-up