දියවැඩියාව ඇති අය පාදය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

දියවැඩියාව ඇති අය පාදය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

දියවැඩියාව ඇති අය පාදය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු නම් ඉතා ඉහළින් අවධානයට ගත යුතු කරුණු කිහිපයක් තිබෙන බව ඔබ නොදන්නවා වන්නට පුළුවනි .ඒ නිසා මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු තමන්ගේ පාදය පිළිබඳ මහත් වූ සැලකිල්ලක් යොමු කළ යුතු බව පෙන්වා දිය යුතුයි .
දියවැඩියාව නිසා පාදය හා සම්බන්ධ ස්නායු ලේ නහර යනාදියට විශාල බලපෑමක් එල්ල වේ.ඒ නිසා දියවැඩියා උන්ගෙන් පෙළෙන රෝගියෙකුගේ පාදය නරක් වීම සිදුවිය හැකි දෙයක්. ස්නායු නොදැනීම වැනි හේතු නිසා තුවාල ද ඇති විය හැකියි .එහිදී ලේ ගමන අඩාල වී ඇති නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන්නද සුව නොවන අවස්ථාද දකින්න ලැබෙනවා .සමහර අවස්ථාවල දී කාලයත් සමඟ එම තුවාල නරක් වීමේ ප්‍රවණතාවයක් ද පවතී.එම අවස්ථා වලදී පාදය අහිමි වීම වැනි වූ බොහෝ කණගාටු දායක තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි .


මෙම දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු නියපොතු කපා ඉවත් කරන ආකාරයෙන් පවා පාදයට හානි සිදුවිය හැකිය.නියපොතු නිවැරදිව කපා ඉවත් නොකළහොත් නිය කන පැසවා පාදයේ ඇඟිලි අහිමි වීමද සිදුවිය හැකියි .එම තත්ත්වයේ වර්ධනය වූ අවස්ථාව විදියට පාදය අහිමි වන්නට ද පුළුවනි .


 

 

 


ඒ වගේම දියවැඩියා රෝගියකු තම පාදයේ ඇඟිලිකරු අතර පිරිසුදුව තබමින් නිතරම වියලීම තබා ගත යුතුයි .මන්ද නොයෙකුත් දිලීර වර්ග පාදයේ ඇඟිලිකරු අතර ආසාදනය ඇති කරන අතර එම ස්ථානවලින් විසබීජ ඇතුලත් වීමේ ප්‍රවණතාවක් ඇති වේ.බොහෝවිට පාදයේ ආසාදන ඇති වන්නේ මෙසේ ඇතුලත් වන විෂබීජ හේතුවෙනි . එම තත්ත්වය සෙලියුලයිටිස් ලෙස දක්වන්නට පුළුවනි .


සෙලියුලිටිස් යනු සාමාන්‍ය වේදනාකාරී බැක්ටීරියා සමේ ආසාදනයකි. එය මුලින්ම රතු, ඉදිමුණු ප්‍රදේශයක් ලෙස පෙනෙන්නට ඇති අතර එය ස්පර්ශයට උණුසුම් හා මෘදු බවක් දැනේ. රතු පැහැය සහ ඉදිමීම ඉක්මනින් පැතිර යා හැකිය.

පුද්ගලයෙකුගේ ශරීරයේ හෝ මුහුණේ ඕනෑම තැනක ආසාදනය සිදුවිය හැකි වුවද එය බොහෝ විට පහළ කකුල් වල සමට බලපායි.

සෙලියුලිටිස් සාමාන්‍යයෙන් සම මතුපිට සිදු වන නමුත් එය යටින් ඇති පටක වලටද බලපායි. ආසාදනය ඔබේ වසා ගැටිති හා රුධිර ප්‍රවාහයට පැතිර යා හැකිය.

ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි අවස්ථාවක විසබීජය ශරීරයට ඇතුළු නො වුණොත් ඒක සම්පූර්ණයෙන්ම පාදය පුරා පැතිරී යන්නට පුළුවනි .එවැනි තත්වයක් ඇති වුවහොත් රුධිර සැපයුම අඩු අවස්ථාවකදී නම් පාද සඳහා ප්‍රතිජීවක ලබා දුන්නත් දුන් සුව කර ගන්නට බැරි වෙන්න පුළුවන් ඒ නිසා දියවැඩියාව ඇති අය නිතරම තමන්ගේ පාදය ගැන සැලකිලිමත් වී අවධානය සිටීම වැදගත්.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

780 Views

Comments

arrow-up