මනාලියක් වන්නට පෙර

ඔබ මනාලියක් වන්නට සිහින දකින තරුණියක් නම් අද අපි ඔබට කියන්න යන දේ පිළිබඳව ඔබ හොඳින් සැලකිලිමත්ව සිතට ගෙන කටයුතු කර යුතුයි.
> සිරුරෙහි හැඩය රැක ගන්න
ඔබේ සිරුර කියන්නේ මනාලියක් වන ඔබ මූලිකවම හොඳ අවධානයක් යොමු කළ යුතුයි. ඇඟ මහත නම් ඔබ කෙට්ටු විය යුතුයි. ශරීරයේ හැඩය ඔබ හදාගත යුතුයි. මේ සඳහා අනවශ්‍ය ආහාර පාලනය කිරීම ( ඩයට් ) නොකළ යුතුයි. තෙල් , පිටි , සීනි කෑම වර්ග ටිකක් අඩු කළ යුතුයි.
දිනපතා ව්‍යායාම කිරීම මගින් මෙය කළ හැකියි. අනවශ්‍ය ලෙස කෑම පාලනයෙන් සිදු වන්නේ ඔබගේ ශරීරය කෙට්ටු වුවද ඔබගේ ඇස් ගිලී මුහුණ වැහැරී ගොස් ඇත්නම් ඔබගේ මංගල දවස අවලස්සන වනු ඇත.
> අනවශ්‍ය විච්චූරණ නොකරන්න
ඔබගේ තිබෙන ලස්සනත් නැතිකරගන්න එපා. සමහර මනාලියන් මංගල දවසේ අවලස්සනට ඉන්නවා ඔබ දැක ඇති. එනිසා දිග කොණ්ඩය කැපීම, විවිධ වූ ආකාරයට වර්ණ කිරීම, ස්ට්‍රේට්, පර්ම් කිරීම වැනි දෑ සිදු කිරීම වැනි කෘතිම පෙනුමක් ඔබට දෙන දේ නොකරන්න.
> මංගල සාරිය තේරීම
තරුණියන් විවිධාකාර වූ බර, දිලිසෙන මෝස්තර ඇති සාරි මිලදී ගැනීම සිදු කරනවා. ඔබ සෑම විටම සාරිය ඇඟට තබා කණ්නාඩියකින් බලන්න ඔබ අවධානය දැක්විය යුත්තේ සාරියේ අලංකාරයටත් වඩා එය ඔබට ගැළපෙනවාද , ඔබට වඩා සාරිය පෙනුමෙන් වැඩිවේද යන්නයි. ඊට අමතරව ඔබ අඳිනා ආභරණ වර්ග, මල්කලඹ මේ සියල්ලම එක්වනවිට ඔබව නිසි ලෙස කැපී පෙනෙන්නේද යන්න සලකා බැලිය යුතුයි.
> සරල බව
තමන්ගේ රූපයට, පෙනුමට ගැලපෙන ආකාරයෙන් සියළු දේ තෝරා ගන්නේ නම්, තියෙන ලස්සනම මතු කෙරෙන ආකාරයෙන් හැඩ වෙනවා නම් ඒ සරල බව හැමදාටමත්ම ලස්සනයි. එනිසා මනාලියක වීමට පෙර ඒ සරල බව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න.
> චාම් ලෙස හදුන්වන්නේ ලාභ දේවල් ගැනීම නොවේ
සුන්දර මංගල දිනයක් යනු මනාලියට ඉතා වටිනා මෙන්ම අමතක නොවන දිනයක්. එනිසා බොහෝ දෙනා හොඳ උත්කර්ෂවත් අයුරින් තම මංගල උත්සවය අරගන්නවා. එහෙත් සමහරුන් චාම් ලෙස තමන්ගේ විවාහ උත්සවය ගත යුතු බව සිතා අඩු වියදමින් සිදුකරන අවස්ථාද ඇත. එහෙත් චාම් ලෙස හදුන්වන්නේ ලාභ දේවල් වලින් තම මංගල උත්සවය ගැනීම නොව. හොඳ ඇදුමක්, හොඳ ආභරණ, හොඳ හැඩගැන්වීමකින් යුතු බව චාම් බවයි.
> අසංවර වූ විලාසිතා නොකරන්න
තමන්ගේ මංගල උත්සවයේදී ශරීරය නිරාවරණය වන පරිදි තරුණියන් ඇඳ පැළඳ ගෙන සිටීම ඔබගේ ලස්සන අන් අයට ප්‍රදර්ශනය වනවා යැයි ඔබ සිතන්නට පුළුවන්. ඒත් එය ඔබේ දෙමාපියන් මෙන්ම විශේෂයෙන්ම සැමියාට අවනම්බුවකි.
එයින් ඔබේ ප්‍රතිරූපය අන් අය ඉදිරියේ හෑල්ලුවට ලක් වනවා. දෙමාපිය සෙවනෙහි හොඳින් සංවරව හැදුණු ඔබ මෙවැනි අවස්ථාවක සමාජයේ අසංවර විය යුතු නැත.
ඉහත අප සඳහන් කළ කරුණු කාරණා පිළිබඳව විවාහයට සූදානම් වන ඔබ ඉතා අවධානයෙන් සිතා බැලිය යුතු බව මතක් කර සිටිනවා.
by Kaushalya De Silva
Photo source : Internet
1097 Views
Comments