දරුවාගේ චිත්තවේග හොඳින් වටහාගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

දරුවාගේ චිත්තවේග හොඳින් වටහාගන්න

දරුවාගේ චිත්තවේග හොඳින් වටහාගන්න

මනුෂ්‍ය ජීවියකුගේ සුවිශේෂ ගුණාංගයක් ලෙස චිත්ත වේ ද දැක්විය හැකිය .ඔබේ දරුවාද මනුෂ්‍ය ජීවියකු බැවින් දරුවා තුළ ද විවිධ චිත්තවේග පහළ විය හැකිය .එය ඉතාම ස්වභාවික කරුණකි .සතුට, දුක, බිය ,ශෝකය, තරහව ,පිළිකුල් ආදී වශයෙන් විවිධ චිත්තවේග කුඩා දරුවන් තුළ ද උපදී. එය දරුවා පරිසරය සමඟ සමඟ කරන ගනුදෙනුව විසින් නිර්මාණය කරනු ලබන්නකි .

ඕනෑම කුඩා දරුවෙකු සැම විටම තම දෙමාපියන්ගේ ආදරය කරුණාව අපේක්ෂා කරයි.සමහර අවස්ථාවලදී කුඩා දරුවන් දරදඬු ලෙස හෝ කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා ඔබ අත්දැක ඇතිවාට සැක නැත .එවැනි විටෙක මව හෝ පියා විසින් දක්වන ප්‍රතිචාරය වනුයේ තරවටු කිරීම, බැනවැදීම, දඬුවම් කිරීම නොසලකා හැරීම ආදී විවිධ අයහපත් ප්‍රතික්‍රියාය.මෙය ඉතා අයහපත් තත්ත්වයකි .බොහෝ විට දරුවා කලහකාරී වන්නේ තමන්ට නිසි ආදරය නොලැබීම එසේත් නැත්නම් තමන්ට ලැබෙන ආදරය නොලැබී යාම නිසා ඇතිවන කනස්සල්ල හේතුවෙනි .මෙවැනි තත්ත්ව දරුවාගේ සිතෙහි මහත් පීඩාවක් ඇති කරන හෙයින් දරුවා විවිධ දේ පොළොවේ ගසා කඩා දැමීම, කෑගැසීම අන්‍යයන්ට පහර දීම අකීකරු ස්වභාවයකින් කටයුතු කිරීම ආදී විවිධ චිත්තවේගික චර්යා මෙහිදී දකින්නට පුළුවනි.

 

 

 


මෙවැනි අවස්ථාවකදී දෙමාපියන්ගේ වගකීම වන්නේ එසේ තම චිත්තවේග තේරුම්ගෙන ඒවා නිසි ලෙස හසුරුවා ගන්නට තම දරුවාට උදව් කිරීමයි .අයහපත් චිත්තවේග හා යහපත් චිත්තවේග වෙන් කර හඳුනාගන්නට ද අයහපත් චිත්තවේග කිරීම් නැඹුරු වන්නට ද ළමයාට උපකාර කිරීම ඉතා පරිස්සමින් කළ යුත්තකි. කෝප වීමේ අයිතිය ඇත්තේ වැඩිහිටියන්ට පමණක් නොවේ ළමයෙකුට ද කෝප වීමේ අයිතිය ඇත ඒ නිසා එම කෝප වීම වෙනුවට එය ඉවසා ගැනීමට හෝ දරාගැනී ගැනීමට ළමයාට මගපෙන්වීමක් කල යුත්තේ වැඩිහිටියන් විසිනි .විශේෂයෙන් දෙමාපියන් විසින් නිතරම කරන වරදක් නම් අන්‍යයන් දරුවන් සමග තමන්ගේ දරුවා සංසන්දනය කරමින් තම දරුවාට යහපත් දේ ඉගැන්වීමට උත්සාහ ගැනීමයි .මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ දරුවා තමන් පිළිබඳවම හීන මානයක්.

මේ නිසා දෙමාපියන් වන ඔබ සැම විටම දරුවන් සමග ගනු දෙනු කිරීමේදී කල්පනාකාරී වන්න .ඔබගේ වචන හැසිරීම් පිළිබඳව හැකි හැම විට ම අවධානයෙන් කටයුතු කරන්න . විශේෂයෙන් ම දෙමාපියන් වශයෙන් ඔබ කල්පනා කළ යුත්තේ තමන්ගේ චිත්තවෙිගික චර්යා මනාව පාලනය කර ගැනීමට පමණක් නොවේ .ඒවා දරුවන් කෙරෙහි වැරදි ලෙස බලපෑම් ඇති කරන්නට ඉඩ නොදෙන්නට වග බලා ගැනීම ද දෙමාපියන් වශයෙන් ඔබ සිදුකළ යුතුකමකි .

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

1239 Views

Comments

arrow-up