අංශභාගය සුව කරන වෘත්තිය චිකිත්සක ප්‍රතිකාර

ආඝාතය හෙවත් අංශභාගය ලෝකයේ බෝ නොවන රෝග අතරින් පුද්ගලයන් මිය යෑමේ තෙවැනි ස්ථානය හිමිව තිබෙන රෝගය බවට සෞඛ්‍ය වාර්තාවලින් හෙළිවී තිබේ . මොළයේ රුධිර නාලවල සිදුවන අවහිරතාවයක් නිසා හෝ රුධිර නාළ පිපිරීම නිසා මොළයේ ස්නායු සෛල වලට රුධිර සැපයුම ඇණහිටී. එවිට එම ස්නායු සෛල මිය යයි .මිනිස් මොලය මගින් මුළු ශරීරයේම ක්‍රියාවලිය පාලනය කරයි. ආඝාතයට ලක් වීමෙන් ස්නායු සෛල මිය යාම නිසා එම ක්‍රියාවලිය පාලනය කිරීම අපහසු වේ .
*ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය බලපාන හැටි
මිනිසාගේ ශරීරයේ ප්‍රධාන ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි . එනම්,
#මධ්‍ය ස්නායු පද්ධතිය
#පර්යන්ත ස්නායු පද්ධතිය
මධ්‍ය ස්නායු පද්ධතියට මොළය, සුසුම්නාව අයත් වේ. මේවායේ සෛල වලට හානි සිදු වුවහොත් ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වන්නේ නැත.ඒවායේ හානි ස්ථිර ය .
පර්යන්ත ස්නායු පද්ධතියට අයත් ස්නායු මෙසේය .
කපාල ස්නායු යුගල 12
සුෂුම්නා ස්නායු යුගල 31
මෙම ස්නායු පද්ධතියට සිදුවන හානි ප්‍රතිකාර මගින් සුව කළ හැකිය .අඝාතයේ දී මධ්‍ය ස්නායු පද්ධතියට හානි වේ .පර්යන්ත ස්නායු පද්ධතියට හානි වන්නේ නැත .අඝාතයේදී සිදුවන්නේ මොළයේ ස්නායු සෛල මිය යාම ය .එම සෛලවලට ද සිදුවන්නේ ස්ථිර හානියකි.මෙම ලිපිය තුළ පහදා දෙන්නේ වෘත්තීක චිකිත්සාවෙන් අංශභාග රෝගය සුව කරගත හැකි ක්‍රමවේද පිළිබඳව.
*අංශභාගය සුවකල හැකිද ?
අපේ මිනිස් මොළයේ ස්නායු සෛල වලට අලුත් දේට අනුවර්තනය වීමේ විශේෂ හැකියාවක් තිබේ .එනම් මොළයේ විනාශ වූ සෛල ළඟ තිබෙන සෛලවලට විනාශ වූ සෛල කළ කාර්යයන් කිරීමට හුරු කිරීමයි . ලෝකයේ මෙම රෝගය යථා තත්ත්වයට පත්කර ගැනීමට තිබෙන එකම ක්‍රමය ලෙස මෙම වෛද්‍ය ක්‍රමය හඳුන්වා දිය හැකිය .
*ප්‍රතිකාර කරන හැටි
වෘත්තීය චිකිත්සාවේ කාර්යභාරය වන්නේ අංශභාගී තත්ත්වයට ලක්වූ රෝගියා නැවත සමාජගත කරන ප්‍රතිකාර නිසි ක්‍රමවේදයකට අනුව කිරීමයි .මෙය ප්‍රධාන අවධි තුනකට බෙදා වෙන් කරයි.
*මුල් අවධියේදී අවධියේ දී ප්‍රතිකාර සිදු කරන ආකාරය
වෘත්තීය චිකිත්සක ප්‍රතිකාරයේදී අංශභාගී තත්ත්වයට ලක්වූ රෝගියාට මුලින්ම කරන්නේ මානසික අවපීඩනයට ලක් වීමෙන් මුදවා ගැනීමයි .එනම් එම රෝගියාට කතා කිරීමට, ඇවිදීමට, ආහාර ගැනීම වැනි දේට එකවර නොහැකි වීම නිසා ඕනෑම කෙනෙක් මානසික අවපීඩනයට ලක් වේ.
මෙහිදී පළමුව සිදු කරන්නේ රෝගියාගේ මානසික මට්ටම ඉහළ නැංවීම සඳහා ඔහුගේ අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය පිළිබඳ සලකා බලා අවශ්‍ය වටපිටාව සැකසීමයි .නැවත රෝගී නොවීමට , රැකබලා ගැනීමට, රෝගියාට කටයුතු කළ යුතු ආකාරය ගැන පවුලේ අය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරේ .මෙහි මුල්ම අදියරේ දී නිවැරදි ඉරියව් භාවිතය වැදගත් වේ. ඒ මෙසේය අංශභාග තත්ත්වයට ලක්වූ රෝගියාට නිවැරදි ඉරියව් භාවිතා නොකලොත් පසුකාලයකදී සංකූලතා ඇති වේ .එනම් මාංශ පේශි කෙටිවීම, සන්ධි ඇදවීම මාංශ පේශි තානය වැනි තත්ත්වය උද්ගත වේ. මේ නිසා නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට රෝගියා දැනුවත් කරයි .අධාරක පතුරු යොදයි .
දෙවැනි අවධියේදී කළ යුතුදෑ.
රෝගියාගේ දකුණු පස පණ නැතිනම් දකුණු පැත්ත දෙස බලන්නේ නැත.ඒ තම ශරීරයේ එවැනි පැත්තක් තිබෙන බව රෝගියාට නොතේරෙන නිසා ය. එහෙත් එසේ ශරීරයේ දැනීම තිබෙන පැත්තටම හරවා නොතැබිය යුතුය එවැනි තත්ත්වයක දී රෝගියාගේ ඇඳ පවා දැනීම නොමැති පැත්තට තබා රෝගියා හා කථා කළ යුතුය එවිට ක්‍රමයෙන් එම දැනීම නැති පැත්තේ දැනීම ඇති වේ .
මේ හැර අංශභාග රෝගියාගේ දැනීම නැති අත් පා චලනය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු වේ . ආඝාතයට ගොදුරු වූ බොහෝ රෝගීන් මුල් අවධියේදී ශරීරයේ එක් අංශයක අත් පා චලනය අපහසු වේ .එම චලනය අපහසු පැත්ත චලනය නොකලොත් පසුකාලීනව සන්ධි ආශ්‍රිතව තදවේ .ඒ චලනය නොකිරීම නිසාය. මේ නිසා අඝාත රෝගියාට මුල් අවධියේ පටන් වෘත්තීය චිකිත්සකවරයා විසින් අත් පාචනය කරයි .
එසේ චලනය මගින් ඉහත සඳහන් සංකූලතා මගහරවා ගැනීමටත් ආබාධ වූ ශරීර කොටස් යම් ස්නායුවක පණිවිඩ මොළයට යැවීමත් කරයි. මෙය රෝගී වූ මුල් දිනයේ පටන් කළ යුතුය .ඒ සඳහා රෝගියා මුල් දින පටන් වෘත්තිය චිකිත්සක ප්‍රතිකාර සඳහා සූදානම් කිරීමට සිදුවේ. මෙම සූදානම් කිරීම මත ඉතාම වැදගත් වන්නේ ඉතිරි ප්‍රතිකාර රඳා පවතින නිසාය.
by Dilki Shamani
Photo Source: Internet
1629 Views
Comments