ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනය පිළිබඳ සැලකිලිමත් වන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
11

ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනය පිළිබඳ සැලකිලිමත් වන්න

ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනය පිළිබඳ සැලකිලිමත් වන්න

ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනය ඉතාම සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.ඒ හෙයින් මවට මෙන්ම ගැබ තුළ වැඩෙන දරුවාටත් බරපතල හානි සිදුවිය හැකිය .ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනය සෑදෙන්නේ බොහෝ රෝග මෙන් ගැබට සති 20 න් පසුවය. එම රෝගීන් බොහෝ විට ගර්භනීය කාලයේ සෑදෙන දියවැඩියාව මෙනි. මෙහිදී ඇතිවන බලපෑම ඊට වඩා බරපතළ විය හැකි ය .

රුධිර පීඩනය වැඩි යැයි පැවසෙන්නේ එය140/90 අගය හෝ ඊට වැඩි වීමෙනි .එහෙත් රුධිර පීඩනය මැනීමට ගිය අවස්ථාවේ මව අධික වෙහෙස වී යාම ,කේන්තියෙන් සිටීම වැනි හේතු නිසා එහි අගය වෙනස් විය හැකිය. සැහැල්ලුවෙන් සිට අධි රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ දී එම අගය හෝ ඊට වැඩි නම් රුධිර පීඩනය වැඩි අයකු ලෙසට නම් කෙරේ. එවිට එම මව අධි අවදානම් ඝනයට ඇතුළත් වේ .

බොහෝ විට අධි රුධිර පීඩනය ඇති වන්නේ පළමු ගැබ් ගැනීමේදී ය දෙවැනි තෙවැනි අවස්ථාව එය සිදුවෙනවා අඩුය .මේ හැර රුධිර පීඩනය වැඩිවීමට හේතු සේ සලකන්නේ දරුවන් අතර පරතරය වැඩිවීම, වකුගඩු ප්‍රශ්න තිබෙන කාන්තාවක් ගැබ් ගැනීම, ගැබ් ගැනීමට පෙර පටන් රුධිර පීඩනය වැඩි වී තිබීම ,ඉතාම අඩු වයසේ හා වැඩි වයසේ විවාහ වලින් ගැබ් ගත් විට වැනි හේතු සාධක බලපායි.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් ස්ථිරවම සොයාගෙන නැතත් වැදෑමහේ ඇතිවන ගැටලු නිසා එය ගර්භාෂයට සම්බන්ධවීමේදී මෙසේ වෙනස්කම් සිදු වන බව හෙළි වී තිබේ .මෙම රෝගී තත්ත්වය මුලින්ම හඳුනා ගෙන පාලනය කිරීම නොකළ හොත් මවගේ වකුගඩු වලට බලපෑම් ,අක්මාවට හානි සිදු විය හැකිය, රුධිර සංසරණයට බලපෑම් ඇති කිරීම , පෙනහළු වලට බලපෑම් ඇති කිරීම, මොළයේ ගැටලු ඇති වීම්,මවට ප්‍රී-එක්ලැම්සියා නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකිය අතර මවට වලිප්පුව ඇති වීමේ වැනි බලපෑම් ඇතිවිය හැකියි.
ගර්භනීය කාලයේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන මවට දෙන්නේ ගැබට හානි කර නොවන ඖෂධයකි .අධි රුධිර පීඩනයට බෙහෙත් නැත .බෙහෙත් දෙන්නේ වැඩිවීම පාලනයට පමණි .ඊට හේතුව රුධිර පීඩනය වඩාත් වැඩි වීමෙන් වලිප්පුව සෑදී මවට වඩාත් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකි නිසාය.

 

 

 


පාලනය නොකළ රුධිර පීඩනය ඇති මවගේ දරුවාට පහත සඳහන් ගැටලු ඇති විය හැකිය. එනම් දරුවා කුඩාවීම, වර්ධනය අඩුවීම, වැදෑමහ ගර්භාෂයෙන් ගැලවී ගැබට හානි වීම, ගැබ තුළදී දරුවා මිය යෑම වැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය.මේ නිසා අධි රුධිර පීඩනය හඳුනා ගත් සැණින් අධි අවදානම් මවක් ලෙස සලකා සියලු පරීක්ෂණ සඳහා යොමු කර හොඳින් පරීක්ෂාකාරී විය යුතුයි. ඊට හේතුව මෙවැනි මවකට ප්‍රී-එක්ලැම්සියා වැනි රෝග තත්ත්ව පැන නැගුන හොත් එය සුව කර ගැනීමට ඖෂධ නොමැති නිසාය .මේ හැර ඇතැම්විට ඇතැම් විට කෙතරම් ප්‍රතිකර්ම කරත් දිගින් දිගට රුධිර පීඩනය වැඩි වන අවස්ථා තිබේ. එසේ වුවහොත් මවගේ ජීවිතය රැකගැනීම සඳහා අඩු මාසයෙන් වුවද දරුවා බිහි කරයි .ඊට හේතුව ඇතැම් මව්වරුන්ට මවුවරුන්ට වැදෑමහ තිබෙන කල් මෙම ප්‍රශ්නය එන නිසා ය.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

514 Views

Comments

arrow-up