ඩිමෙන්ෂියාව ගැන දැනුවත්ද

ඩිමෙන්ෂියාව කියන්නේ මතකය අඩුවීම. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය බොහෝවිට හඳුනාගත හැකි වන්නේ වැඩිහිටියන්ගෙන්. වයස්ගත වන විට මොළයේ සෛල අක්‍රිය වීම හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. වයස්ගතවීමත් සමඟ ඩිමෙන්ෂියාව සෑදීමේ අවදානම ඉහළයි.
අධික ලෙස මත්පැන් පානය මත්ද්‍රව්‍ය භාවිතය නිසා සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වය නිසා මැදිවයසේ අයට ද මෙම රෝගී තත්ත්වය ඇතිවෙනවා. වැඩිහිටි සැමට ඩිමෙන්ෂියාව ඇති නොවන අතර සමහර අයගේ මොළයේ සෛල අක්‍රිය වීම ශීඝ්‍රයෙන් සිදුවන බැවින් ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම රෝගයට පැහැදිලි නැතත් අධිරුධිර පීඩනය මොළයට රුධිරය සපයන රුධිර නාල වල ඩිමෙන්ෂියා රෝගය වැළඳීමට හේතු කාරක වෙන්න පුළුවන්. මුල් අවධියේ පෙන්නුම් කරන රෝග ලක්ෂණ වන්නේ අමතකවීම. මෙහි විශේෂත්වය වන්නේ ඉතා මෑතකදී සිදු වූ සිදුවීම අමතක වීමයි. ඉතා ඈත අවධියේ සිදු වූ සිදුවීම් හොඳින් මතක තිබීමයි. උදේට ආහාරයට ගත්තේ ගත් දේ අමතක වන රෝගියෙකුට වසර දහයකට පෙර සිදු වූ සිදුවීමක් හොඳින් මතක තියෙනවා.
රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග නිවසේ පුද්ගලයන්ගේ නම් තමන්ගේ නිදන කාමර ඇති ස්ථානය දවස වේලාව අමතක වන අතර පුද්ගලයාගේ කතාවද අපැහැදිලි වන අතර අන් අයට තේරුම් ගැනීමට නොහැකි වෙනවා. නිවසින් එලියට ගිය විට නැවත මාර්ගය අමතකවීම නිසා අතරමං විය හැකි අතර අන් අය සම්බන්ධයෙන් සැක කිරීම හේතුවකින් තොරව ඇඬීම සිනාසීම කලහකාරී ලෙස හැසිරීමට ඉඩ තියෙනවා. මෙම රෝගයේ පසු අවධියේ දී අන් අය සමඟ පැහැදිලිව කතාබහ කිරීම සන්නිවේදන කුසලතා ක්‍රමයෙන් අඩුවන අතර ශාරීරිකව හා මානසිකව අකර්මණ්‍ය වෙනවා. තමාගේ කටයුතු පුද්ගල සනීපාරක්ෂාව ගැන අවබෝධයක් නැති වී යන අතර ශාරීරික වශයෙන් දුබල වෙනවා. ඇවිදීමට අපහසු වන අතර සිහිමද ගතිය සහ මලමුත්‍රා නොදැනීම පිටවීම සිදුවෙනවා. මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී හඳුනාගැනීම ඉතාම වැදගත් වන අතර හොඳ ප්‍රතිඵල ළඟා කර දෙන ඖෂධ දැන හඳුනා හඳුනාගෙන සිටිය යුතු වෙනවා. මෙම ඖෂධ මගින් රෝගී තත්ත්වය උග්‍ර වීම පාලනය කරන අතර වැදගත් වන්නේ රෝගය හඳුනාගත් විගස ඖෂධ ගැනීම ආරම්භ කිරීමයි.
මෙවැනි රෝගීන් රැකබලාගැනීම ඉතා කාරුණිකව කළ යුතු අතර රෝගී තත්ත්වය තේරුම් ගෙන ඉතා සුහදව රෝගියා රැකබලා ගැනීම වැදගත් වෙනවා. මෙම රෝගීන් රැකබලාගැනීම සැමවිටම එක් පුද්ගලයෙකුට කළ නොහැකි අතර පවුලේ අය වගකීම් බෙදා ගනිමින් රෝගියා රැකබලා ගත යුතු වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1866 Views
Comments