මිලදීගන්න නිවෙස් නැවත හදන්නේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

මිලදීගන්න නිවෙස් නැවත හදන්නේ ඇයි?

මිලදීගන්න නිවෙස් නැවත හදන්නේ ඇයි?

බොහෝ වෙලාවල් වලට වර්තමානයේ වෙනත් අය වෙනුවෙන් සකස් කරන ලද නිවෙස් පසුකාලීනවා තවත් පුද්ගලයන් විසින් මිලදී ගැනීම ව්‍යාපාරිකමය වශයෙන් දැකගන්න ලැබෙනවා. නමුත් අලුත් ගෙවල් වල පදිංචි උනාම නොයෙක් වෙනස්කම් සිදු කරන්නේ ඇයිද කියන කාරණය පිළිබඳව මේ ලිපියේ සඳහන් වෙනවා.

පුද්ගලයෙකු තමන් සතු ඉඩමක් විකුණනවා නම් ඊට යම් හේතුවක් තියෙනවා. ඇතැම් අවස්ථාවන් වල ඉඩකඩම්වලට විවිධ අහිතකර බලපෑම් තියෙන්න පුළුවන්. සමහර අයිතිකාරයෝ ඉඩම්වලට පුදුමාකාර ආශාවක් දක්වන අතර ඔවුන්ගේ ගෙවල් වලට ආශා කරනවා. මියගොස් එම නිවෙස් තුළ ආගන්තුක වශයෙන් ජීවත් වෙනවා. යක්ෂ ප්‍රේත දෝෂ එම නිවෙස් තුළ දකින ලැබෙනවා. සමහර නිවෙස් අලෙවි කිරීමේදී එවැනි රහස් අයිතිකරුවන් කියන්නේ නැහැ.

 

 

 


වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් අනුව කාර්යබහුලත්වය යටතේ කුලියට ගත් නිවසේ දීර්ඝකාලීන ජීවත් වනවාට වඩා ණයවී හෝ මුදල් සොයා ගෙන සාදා නිමකර ඇති නිවසකට යාමට බොහෝ දෙනා අදහස් කරනවා. එය පහසුවක් නැතහොත් නිවසක් සහිත ඉඩමක් මිලදී ගන්නවා. මේ ආකාර නිවසක් මිලදී ගන්නේ නම් පළමුව ජෝතිශයට අනුව කරුණු විමසා බැලිය යුතු වෙනවා. සමහර අය කරුණු දෙකක් පමණක් විමසා බලා පදිංචියට යනවා. සමගිය සහ දියුණුව ඒ කරුණු දෙකයි. නමුත් මේ කරුණු දෙක පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දක්ෂ නක්ෂත්‍රකරුවෙකු ගෙනවා මුළු පරිසරය ඇතුළු සියලුම දේ පිළිබඳ පරීක්ෂා කරගත යුතු වෙනවා. සෑම නිවසකම ස්ථානගත විය යුතු තැන් තිබෙනවා. ඇතමුන් මුළුතැන්ගෙයි ඊසාන දිශාවට සාදා ගන්නවා. නමුත් ජනයාගේ ප්‍රසිද්ධියේ හිමි ආකර්ෂණය තිබෙන සම්බන්ධතා ආගමික ස්ථානය තිබෙන ස්ථානය අනුව වෙනස් කරනවා. හින්දු ජනතාව ප්‍රධාන දොරටුව වලට ගෙන යනවා සෙරෙප්පු සපත්තු ගලවා බිම වාඩි වී ආහාර පවා අනුභව කරනවා. සමහර අය මුළුතැන්ගේ ප්‍රධාන දොරට සමගාමීව සාදනවා. එසේම වාස්තු විද්‍යාත්මක කරුණු අනුවම එය තීරණය නොකර සමාජමය සංස්කෘතික මූල්‍ය කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ ඒ නිසයි. කෙසේ වෙතත් නිවසක් මිලදී ගත්තද එහි යටගියාව දන්නේ නැත්නම් එය තරමක් අනතුරුදායකයි. එම නිසා එය ශාස්ත්‍රානුකූල හොඳින් පරික්ෂා කර බලා අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. එය තමන්ට සරිලන ආකාරයට පිළියමක් සකස් කරගත යුතුමයි. මෙහිදී සමස්ථ පිළියම් සිදු කිරීම වැදගත් වෙනවා. වාස්තවිද්‍යාවට අනුව නිවෙසක් තුළ පදිංචියට ගිය පසු මිනිසාගේ නිර්මාණශීලීත්වයේ වෙනසක් ඇති වෙනවා. සමහර අය සක්‍රීය වන අතර සමහර අය අක්‍රිය වෙනවා. මේ නිසා තමන් මිලදී ගන්නා නිවස තමන්ට යා දෙන තමන්ට ගැලපෙන නිවසක් දැයි හොදින් තහවුරු කරගෙන නිවස මිලදී ගන්න උත්සාහ කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

509 Views

Comments

arrow-up