කූඹි වදෙන් මිදෙන ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

කූඹි වදෙන් මිදෙන ක්‍රම

කූඹි වදෙන් මිදෙන ක්‍රම

ගෙදර හැමතැනම කූඹි දුවනවා. කෑමක් බීමක් වත් මේසය උඩ තියන්න බෑ. කොහොම නවත්වන්නද ? ඔබේ නිවසේත් මෙවැනි ගැටළුවක් තිබෙනවාද ? බොහෝමයක් දෙනාට අනිවාර්යයෙන්ම මේ ගැටළුව තිබෙනවා. ඉතින් අද අපි කූඹි ගැටළුවට විසදුම කිහිපයක් අරගෙන ආවා. මෙවැනි ක්රම තුළින් ඉතාමත් පහසුවෙන් හා අඩු වියදමකින් මේ කූඹින් නිවසින් ඉවත් කර ගන්නට පුළුවන්.

 

රට හුණු

 

හුණු කූරු යොදාගන්නේ අපි කළු ලෑල්ලෙ ලියන්න නෙ. ඔන්න ඉතින් හුණු කූරෙන් තවත් වැඩක් ගන්න පුළුවන්. ඔබ මේ වන විට මෙවැනි ආකාරයේ කූරු වෙළෙඳපොළේ දකින්නට , මිලදී ගන්නට ඇති එහෙත් මුදල් ඉතුරු කරගන්නට හොඳම ක්රමය හා කූඹින් පලවා හරින්නටත් හැකියාව මෙවැනි සාමාන්ය හුණු කූරකින්ද ලැබේ. කූඹින් ගැවසෙන ස්ථාන වල මෙම හුණු කූරෙන් ඉරක් අඳින්න. ජනෙල් හා දොරවල් දාර වැනි ස්ථාන වලත්, මේස කකුල් පුටු වැනි භාණ්ඩ වල ඇදීමෙන් කූඹි ජනගහනය අඩු වේ.

 

බේකින් සෝඩා සහ අයිසින් සීනි

 

කූඹින්ට විවිධ වූ රසායනික ද්රව්ය වෙළෙඳපොළේ තිබෙනවා. ඒත් කූඹි මර්ධනයට ඉතා අඩු වියදමකින් සාදාගත හැකි රසායනිකයක් තමයි මේ. බේකින් සෝඩා සහ අයිසින් සීනි සමාන ප්රමාණයන්ගෙන් ගෙන මිශ්ර කර කූඹින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලට ඉසින්න. සාමාන්ය සීනි වලින් මෙය සිදු කළ නොහැකි. * විවිධ සුවඳ හා රසයන් වර්ග බොහෝ කූඹින් අකමැති සුවඳ හා රසයන් වර්ග තියෙනවා.

 

ලෙමන් යුෂ

 

 

ලෙමන් යුෂ වල ඇති ඇඹුල් සුවඳට බොහොමයක් කූඹි අකමැතයි. එනිසා රෙදි කැබලි කිහිපයක ලෙමන් යුෂ තවරා නිතර නිතර කූඹි දකින්නට ලැබෙන ස්ථාන වල රඳවන්න. එසේත් නැත්නම් එම ස්ථාන වලට ලෙමන් යුෂ ඉසින්න.

 

සුදු ළූණු

 

සුදු ළූණු සුවඳටත් කූඹින් අකමැතියි. කූඹින් ගැවසෙන ස්ථාන වලට සුදු ළූණු බික් සුද්ද කර තබන්න.

 

පිපිඤ්ඤා

 

සිහින්ව පෙති කපා කූඹින් ගැවසෙන ස්ථාන වල තබන්න. ඒ රසයට කූඹින් අකමැතියි.

 

කෝපි කුඩු

 

කෝපි වත්කර ඉතුරු වෙන කෝපි කුඩු ටික වේලා කූඹින් ගැවසෙන ස්ථාන වලට ඉසින්න.

 

කුරුදු හා කරදමුංගු

 

මින් එක් වර්ගයක් හෝ කුඩුකර කූඹි ගුල් හෝ ගැවසෙන ස්ථාන වලට ඉසින්න.

 

 

බේබි පවුඩර්

 

මෙම ක්රමයත් හුණු භාවිතා කරන්නා සේම වෙනවා. විවිධ කෘමි සතුන් පවා පලවා හැරීමට මෙයට හැකියාව තිබෙනවා. කූඹි ඇති තැන් වලට ඉසින්න. මෙම ක්රම මගින් ඉතා ඉක්මනින් ඔබට ඔබේ නිවස කූඹි වදයෙන් මුදවා ගන්නට පුළුවන්.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

5029 Views

Comments

arrow-up