නිවසක පිළිවෙලට වැදගත් ටිප්ස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

නිවසක පිළිවෙලට වැදගත් ටිප්ස්

නිවසක පිළිවෙලට වැදගත් ටිප්ස්

නිවසක පිළිවෙල සඳහා මේ කරුණු සලකා බලන්න.

බෙදුනු මේස ලාච්චු භාවිතය

සාමාන්‍යයෙන් මේසයක් මිලදී ගැනීමේදී බොහෝවිට එහි මේස ලාච්චු දකින තියෙනවා. මේසය මත තැන්පත් කළ නොහැකි අමතර ද්‍රව්‍ය තැන්පත් කිරීමට මෙය භාවිතා කරන නමුත් එසේ තැන්පත් කිරීමට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය නිසි කළමනාකරණයකින් තොරව ඔබ විසින් එය ගබඩා කළොත් නොබෝ දිනකින් මෙය වැඩකට ඇති නැති සියලුම දේ බහාලූ කුණු කන්දක් බවට පත්වෙනවා. මේ නිසා ඔබට නිතර භාවිතය සඳහා අවශ්‍ය නොවන පෑන් පැන්සල් ලියකියවිලි ආදිය ක්‍රමවත්ව තබා ගැනීමට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ප්ලාස්ටික් මගින් හෝ කොටස්වලට වෙන් කරන ලද මේසයක් භාවිතා කරන්න.

වයර් ආදිය නැවත භාවිතා කළ හැකි පරිදි තැන්පත් කරන්න

නිවසේ විවිධ අවශ්‍යතාවන් සදහා භාවිතා කරන වයර් කම්බි ලණු කැරලි තියෙන්න පුළුවන්. මේවා එක් කටයුත්තක් සඳහා භාවිතා කිරීමෙන් පසු නැවත කිසියම් දෙයක් සඳහා අවශ්‍ය විය හැකි බැවින් ඒවා ක්‍රමවත් ලෙස තැන්පත් කර තබන්න. ඒවා තැන තැන දැමීමෙන් නැවත අවශ්‍ය වූ විටෙක සොයාගැනීමට අපහසු වන අතර ඒ සඳහා නිවසේ සෑම අස්සක් මුල්ලක් සෙවීමට සිදුවෙනවා. හදිසි අවශ්‍යතාවයකදී එලෙස කාලය ගත කිරීමට සිදුවීම කරදරකාරී දෙයක් ලෙස ඔබට හැඟේවි.

 

 

 


පිළිවෙලට සැකසු drawers

ඇඳුම් පැළඳුම් ආදිය ක්‍රමානුකූල තැන්පත් කිරීම විශේෂයෙන්ම ඔබේ කාලය ඉතිරි කර ගැනීමට වැදගත් වෙනවා. අවශ්‍ය ඇඳුම් සොයා ගැනීම සඳහා වෙහෙස දැරීමට සිදුවෙනවා නම් එය ඔබේ පෞරුෂයේ ප්‍රබල දුර්වලතාවයක්. ඔබ මවක් හෝ තරුණියක් වෙන්න පුළුවන් ඒ කුමන තරාතිරමක සිටියත් ඔබේ විවිධ අවස්ථාවන්ට ගැළපෙන ඇඳුම් ඔබේ සැමියාගේ දරුවන්ගේ ඇඳුම් ආදිය සියල්ල වෙන් වෙන්ව තැන්පත් කර තැබීමට ඉතාම සුදුසු බෙදා වෙන් කරන ලද රාක්ක සහිත ඇසුරුමක් ඊට තෝරා ගන්න. ඉතා අලංකාරවත් ලෙස සකස් කර plastic drawers මේ වන විට වෙළඳපලේ විවිධ මිල ගණන් යටතේ දැකගන්න ලැබෙනවා. ඒවා ප්‍රයෝජනයට ගන්න.

දුරකථනය ඊට අනන්‍ය තැනක තියන්න

නිවසක ප්‍රධාන දුරකථන තිබිය යුතු ස්ථානය පිළිබඳව තීරණය කළ යුත්තේ ඔබමයි. මොකද ඔබේ පෞද්ගලිකත්වය රැකෙන අන්දමින් ඇමතුම් ලබාගැනීම සහ අමුත්තන් සඳහා වෙන්වූ ප්‍රදේශයෙන් වෙන්ව වෙනත් තැනක භාවිතා කිරීම ඉතාම සුදුසුයි. මේ සඳහා ඔබ තෝරාගනු ලබන ස්ථානය බිත්තියක් මත අලංකාරවත් ලෙස සකස් කරගන්නා ලද රඳවනය රඳවා තැබිය හැකියි. මෙම ස්ථානයේ නිතර දුරකතන ඇමතුම් ලබාගැනීම සඳහා අවශ්‍ය දුරකථන අංක වල ලේඛනයක්ද ඔබට සකසා තබා ගත හැකි වෙනවා.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

620 Views

Comments

arrow-up