හෘදයාබාධයකට මසකට කලින් ඔබේ ශරීරය ඔබට අනතුරු අගවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

හෘදයාබාධයකට මසකට කලින් ඔබේ ශරීරය ඔබට අනතුරු අගවයි

හෘදයාබාධයකට මසකට කලින් ඔබේ ශරීරය ඔබට අනතුරු අගවයි

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා ජනගහනය අතර හෘදයාබාධ බහුලව දක්නට ලැබෙනවා. අවාසනාවකට මෙන් මරණයන්ට අංක එක හේතුව වන්නේද මේ හෘදයාබාධයි. ඒවා සිදුවන්නේ අපගේ කාර්යබහුල ජීවිතයේ ඇතිවන මානසික ආතතිය සමග ගෙවන ජීවන රටාවන් හා සෞඛ්ය සම්පන්න නොවන ආහාරවල ප්රතිඵලයක් වශයෙනි. ඔබේ ජීවන රටාව වැඩිදියුණු කිරීමෙන් ඔබේ හෘද සෞඛ්යය ආරක්ෂා කර ගත හැකිය. සෞඛ්ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කර මානසික ආතතිය අඩු කරන්න. එසේම, හෘදයාබාධයක් ඇතිවීමට මාසයකට පෙර සාමාන්යයෙන් දිස්වන්නට පටන් ගන්නා හෘදයාබාධ, ඇතිවීමේ ලක්ෂණ කිහිපයක් අප හඳුනා ගනිමු.

 

1. හුස්ම හිරවීම පෙනහළු වලට ප්රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙන විට, ඔබේ හදවතට ඒ හරහා යාමට අවශ්ය ප්රමාණයට රුධිරය නොලැබේ. එමනිසා, ඔබට හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වහාම ඔබේ වෛද්යවරයා හමුවන්න.

 

2. සීතල හා උණ රෝග ලක්ෂණ බොහෝ අය, හෘදයාබාධයක් ඇතිවීමට පෙර, මෙම රෝග ලක්ෂණ දෙකම අත්විඳිති.

 

3. පපුවේ පීඩනය හා කැක්කුම නුදුරු අනාගතයේදී හෘදයාබාධයක් ඇතිවිය හැකි බවට මෙය පැහැදිලි රෝග ලක්ෂණයකි. ඔබට පපුවේ කැක්කුමක් ඇත්නම් ඔබේ වෛද්යවරයා හමුවීම වැදගත්ය.

 

4. දුර්වල බව ධමනි තද වන විට නිසි රුධිර ප්රවාහය වළක්වනු ලැබේ. එමනිසා, මාංශ පේශි වලට අවශ්ය දේ නොලැබෙන අතර එය හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැක. එමනිසා, ඔබ නිරන්තර තෙහෙට්ටුව සහ දුර්වලතාවය අත්විඳින්නේ නම්, ඔබේ වෛද්යවරයා හමුවන්න.

 

 

5. සීතල දහඩිය සහ කරකැවිල්ල දුර්වල සංසරණය මොළයට හා නිසි රුධිර ප්රවාහයට බාධා කරන අතර එය මොළයේ නිසි ක්රියාකාරිත්වය සඳහා බාධා ඇතිකරයි. එනිසා කරකැවිල්ල හා සීතල දඩිය දැමීම හෘදයාබාධයකට මූලාරම්භය විය හැකියි.

 

6. නිදිබර ගතිය යම් වේලාවක් නිදා ගැනීමෙන් හෝ විවේකයෙන් පසු ඔබට තවමත් වෙහෙස හා නිදිබර ගතියක් දැනෙනවා නම් සහ මෙම තත්ත්වය දිනක් හෝ දින ගණනක් පැවතුනහොත් ඔබේ හදවතට රුධිර ප්රවාහය අඩුවිය හැකිය.

 

හෘදයාබාධ වැළැක්වීම ඉතා වැදගත්. එබැවින් ඔබ අවධානයෙන් සිටිය යුතුය. ඉහත රෝග ලක්ෂණ කාලෝචිත ලෙස හඳුනාගෙන ප්රතිකාර කිරීම තුළින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි වනවා.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

759 Views

Comments

arrow-up