ඔබටත් අවශ්‍ය වයස සඟවාගන්නට ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

ඔබටත් අවශ්‍ය වයස සඟවාගන්නට ද

ඔබටත් අවශ්‍ය වයස සඟවාගන්නට ද

ලස්සන ජීවිතයක ඇරැඹුම ඔබේ ජීවිතයම ලස්සන කරන බව නොරහසකි. ඒ නිසාම අලුතින් සිතන්නට හුරුවිය යුතුයි. උප්පැන්නෙ තියන ඉලක්කම් ගැන වද නොවී ඔබගේ වයස සඟවා ගන්නට නම් ඔබගේ පෙනුම වර්ධනය කරගැනීම ඉතාමත් වැදගත්. අපගේ කාන්තාවන් අතින් වෙන අඩුපාඩුවක් තමයි ගැලපෙන විලාසිතා මොනවාද කියා අවබෝධයක් නොමැතිකම. අම්මා තමන්ට ගැලපෙන විලාසිතාව නොකිරීම නිසාම දියණියටත් තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට නොහැකි වී තිබේ. කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙලින් ගමන් කරන්න කියනවා වගේ.

කෙනෙකුට ලස්සනට ගැලපෙන දෙය තව කෙනෙකුට නොගැලපෙන්නට පුළුවනි. අන්න ඒ ගැලපීම හරියාකාරව අවබෝධ කර නොගත්තොත් අපි සමාජයේ විහිලුවකට ලක් වෙයි. ඉතාමත් පියකරුව සුන්දරව සංයමයකින් තමන්ගේ පෙනුම පවත්වා ගත්ත අය හැමෝගෙම ආදරයට ප්‍රශංසාවට නිරතුරුවම ලක්වේවි. වැදගත්ම දේ ඔබේ වයස සහ පෙනුම. ඔබේ වයස සඟවා ගැනීමට පෙනුම ඉතාමත් වැදගත්. මොකද දන්නවද වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අපේ මුහුණේ රැලි සගවා ගැනීමට, ලප කැලැල් මකා ගැනීමට, කෙස් ගස් වර්ණ කර ගැනීමට අවශ්‍ය නිෂ්පාදන ඕනෑතරම් අද වන විට වෙළඳපලේ දක්නට ලැබේ. තමාට උවමනාවක් පවතී නම් මේ දේවල් භාවිතා කර ලස්සනට ඉන්න කාන්තා ඔබටත් පුළුවන්. අතුරු ආබාධ නොමැතිව සමට හිතකර දේවල් භාවිතා කර සම පැහැපත් කර ගන්නටත් ඔබට පුළුවන්.

 

 

 


විටමින් සී කියන්නේ සමට ඉතාමත් හොඳ විටමින් වර්ගයක්. පළතුරු පුළුවන් තරම් කන්න කියන්නේ ඒ නිසාමයි. අමුවෙන් කන්න පුළුවන් පළතුරු ඉදෙනකන් බලන් ඉන්න එපා. අඹ ඇඹරැල්ලා වෙරළු පුළුවන් තරම් කන්න. තවද උදේ ආහාර පිළියෙල කරන විට ඇඳපු ඇඳුම පිටින්ම හිටියොත් අපේ ඇගෙත් ලූණු ගඳ, ඉදුල් ගඳ, පිළීගඳ තමා එන්නේ. ගෙදර ඉන්න ඔබට තමයි මේ ගැටලුව. රැකියාවකට යන කාන්තාවක් නම් ඉක්මනින් පිරිසිදුවෙලා ලස්සනට යන්නට වග බලා ගනියි. සෑම විටම ඔබට ආදරය කරන්න. ඔබගේ දත්වලට කොන්ඩෙට නියපොතු වලට කකුල් දෙකට ඇස් දෙකට ඔබ ආදරේ දෙන්න. ඔබගේ ගෙවත්ත නිවස පවුල ඇඳුම් ආභරණ මුදල් යන ආදී දේවල් වලට ඔබ පුදුම තරම් ආදරය කරනවා නේද. ඒ කැපවීම සහ ආදරය ඔබටත් ඔබ විසින් ලබාදිය යුතුමයි. මදක් සිතන්න. ලස්සනට ඉන්න නම් වයස කිසිසේත්ම බලපාන සාධකයක් නම් නොවේ. මෙහිදී අවශ්‍ය වන්නේ ඔබ විසින් ඔබගේ සිතුවිලි දියුණු කර ගනිමින් ඒවා යහපත් ලෙස පවත්වා ගැනීමයි. හොඳින් වතුර බොන්න. එළවළු පලතුරු කන්න. පැණි රස කෑම, පාන් පිටි කෑම බොහෝ දුරට අඩු කරගන්න. නිවස නිතරම පිරිසිදුව අතුගා තියාගන්නවා වගේ ඔබගේ ශරීරයත් මනසත් නිරතුරුවම පිරිසිදු කරගන්නට කාන්තා ඔබ අමතක නොකරන්න. එවිට ඔබට ඔබගේ වයසට වඩා තරුණ පෙනුමක් පවත්වාගන්නට නිරන්තරයෙන්ම හැකියාවක් ලැබේවි. එය ඔබට පමණක් නොව ඔබගේ ආදරණීයන්ට ද ආඩම්බරයක් ගෙන දෙන කාරණාවක් වනු ඇත.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

846 Views

Comments

arrow-up