මිනිස් සිරුරට අවැසි කැල්සියම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මිනිස් සිරුරට අවැසි කැල්සියම්

මිනිස් සිරුරට අවැසි කැල්සියම්

චූර්ණක හෙවත් කැල්සියම් මිනිසෙකුගේ සිරුරේ බරින් සියයට දෙකක් අඩංගු වේ. මෙයින් සියයට අනූ නවයක්ම අඩංගු වන්නේ අස්ථි වල බව ඔබ දන්නවාද. මිනිසාට අවශ්‍ය කරන ඛනිජ ප්‍රමාණයෙන් 50% ක්ම කැල්සියම් ය. වැඩිපුර කැල්සියම් දක්නට ලැබෙන්නේ අස්ථීවල සහ දත්වල යි. ඒවායේ කැල්සියම් පවතින්නේ පොස්පරස් සමග එකතු වීමෙන් තැනූ සංයෝගයන් ලෙසයි. දත් වල මෙන් නොව අස්ථිවල ඇති කැල්සියම් ස්ථීරව තැන්පත් වී පවතින්නේ නැත. ඇට වලට කැල්සියම් ඇතුළුවන අතරම පිටවීම ද නිරතුරුවම සිදුවේ. වසරක් තුළදී ශරීරයේ ඇති මුළු කැල්සියම් ප්‍රමාණයෙන් සියයට විස්සක් ඇට වලින් ඉවත්වී වෙනත් අවයව වලට ඇතුළු වෙයි.

මේ අනුව බලන කල අස්ථි ශරීරයේ කැල්සියම් ගබඩාවක් ලෙස ක්‍රියා කරයි. යම් හෙයකින් දේහයට කැල්සියම් ඌනතාවයක් ඇති වූවොත් අස්ථිවල ඇති කැල්සියම් මගින් එම ඌනතාවය පිරිමසා ගනු ලැබේ. එවිට අස්ථි දුර්වල වේ. කැල්සියම් අවශ්‍ය වන්නේ ඇට තැනීමට පමණක්ම නොවේ. ලේ කැටි ගැසීමට, විටමින් B12 අවශෝෂණයට, ස්නායු පද්ධතිය පුරා සංඥා යැවීමට, සෛල බිත්ති හරහා පෝෂක ද්‍රව්‍ය ඇතුළු කර ගැනීමට, පේශී ක්‍රියාකාරීත්වයට, හදවතේ ගැස්මට මෙන්ම පෙනහළු වල ක්රියාකාරීත්වය සඳහා කැල්සියම් අයන අත්‍යවශ්‍ය වෙයි සාමාන්‍යයෙන් තරුණයෙකුට දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 500ක් පමණ අවශ්‍ය වන බව ඔබ දන්නවාද. කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය වන දෛනික කැල්සියම් ප්‍රමාණය දෙගුණයකි. කැල්සියම් ශරීරයට අවශෝෂණය කර ගැනීමේදී විටමින් D, පොස්පරස්, විටමින් සී සහ ඇමයිනෝ අම්ල ද අවශ්‍ය වේ. වකුගඩු ආබාධවලින් පෙළෙන්නන්ගේ රුධිරයේ කැල්සියම් අඩු වීමේ ප්‍රවණතාවක් පවතී.

 

 

 


කැල්සියම් අඩංගු සපයා දෙන ආහාර අතර කිරි සහ චීස් වැනි කිරි ආහාර මුල් තැනක් ගනී. කුඩා මාළු සහ කුකුළු ආදී කුරුල්ලන් ගේ අස්ථි මගින්ද වැසියන් විශාල ප්‍රමාණයක් සපයා ගත හැකියි. හාල්මැස්සන් තෙලින් බැද ආහාරයට ගැනීම මගින් එහි ගුණාත්මක භාවය වැඩි කළ හැකියි. කොළ එළවළු, ගොටුකොළ, සෝයාබෝංචි, උඳු, කව්පි, කැරට් කොල, කරපිංචා, කතුරුමුරුංගා කොළ සහ මුකුනුවැන්න කොළ වල කැල්සියම් වැඩිපුර අඩංගු වේ. බිත්තරවල කැල්සියම් ඇත්තේ කටුවේ පමණි. එබැවින් කටුව ඉවත් කළ බිත්තරවල කැල්සියම් ඇත්තේම නැත. අප විසින් ආහාරයට ගන්නා දුරු කොත්තමල්ලි වැනි කුළුබඩුවල cacium ඉතා බහුලව තිබේ. කැල්සියම් සමඟ පොස්පරස් එක්ව calcium phosphate නැමැති සංයෝගය නිෂ්පාදනය කරයි. පොස්පේට් තැනීමට අවශ්‍ය වන පොස්පරස් ආහාරවල සුලභ බැවින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය නොවේ. පොස්පරස් ඌණතා ඇති නොවේ.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

2461 Views

Comments

arrow-up